රාජ්‍ය වෙසක් උත්සවයේ සාරධර්ම සහජීවන පෙරහැර නුවරඑළියේ දි

රාජ්‍ය වෙසක් උත්සවයේ සාරධර්ම සහජීවන පෙරහැර නුවරඑළියේ දි
  • SocialShare:

සිංහල, දමිළ, මුස්ලිම් ඇතුළු සිය ජනවාර්ග එක්ව පැවැති ජාතික වෙසක් උත්සවයේ සාරධර්ම සහජීවන පෙරහැර පසුගියදා (13) දින නුවරඑළිය නගරයේ වීදි සංචාරය කිරීම සිදු විය.

නුවරඑළිය හාවාඑළිය ගයාත්‍රී අම්මාන් දේවලයේ සිට ගරුතර මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික පූජකවරුන් පෙරටුකරගනිමින් උදැසන ආරම්භ වු පෙරහැර නුවරඑළිය නගරය හරහා පැමිණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ට ගෙවදීම සිදු විය.

බෞද්ධ , හිංදු , මුස්ලිම් , ක්‍රිස්තියානි , දරුවාන් මෙහි දි සිය සංස්කෘතික ට අදාළව නර්තනාංග ඉදිරිපත් කිරීම සිදු විය.

“භජේත මිත්තේ කල්‍යානේ“ – “කලණ මිතු­රන් ඇසුරු කරන්න“ යන්න තේමා කර ගනි­මින් නුව­ර­එ­ළිය දි මැයි මස 10 දින ආරම්භ කළ රාජ්‍ය වෙසක් උත්සවයේ සිව්වන දින අද වන අතර එය එළඹෙන 16 දින දක්වා පැවැත්වේ.