වාර්ෂික නැවුම් තේ මංගල්‍යය මුතියංගන රජමහා විහාරයේදී

වාර්ෂික නැවුම් තේ මංගල්‍යය මුතියංගන රජමහා විහාරයේදී
  • SocialShare:

ශ්‍රී ලංකා තේ කර්මාන්තයට දායකත්වය දක්වන සියළුම පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන වාර්ෂික  නැවුම් තේ මංගල්‍ය අටවන වරටත් බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේ දී  ඊයේ(13) පැවැත් විණි. 

වසර 150 කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා තේ කර්මාන්තයේ ප්‍රධාන සංස්කෘතිකාංගයක් වන මෙම මංගල්‍යයයට සියලූම තේ වගා කරන දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි සර්ව ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් තේ කර්මාන්තශාලා හිමිකරුවන් සහ තේ ඉඩම් හිමියන්, තේ කේෂ්ත්‍රයට සම්බන්ද සියලුම පාර්ශවයන් සහභාගි විය.
මෙම අවස්ථාවට මුතියංගන රජමහාවිහාරයේ විහාරධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, බදුල්ල දිස්ත්‍රික් ලේකම්තුමා, අදිවාසී නායක ඌරුවරිගේ වන්නලඇත්තන්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ඇතුලු නිලධාරී මහත්ම මහත්මීන්, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්, බදුල්ල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන් ඇතුළු තේ කර්මාන්තයට සම්බන්ධ සියළුම පාර්ශවයන් සම්බන්ධ විය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.