වෙසක් සතිය අරඹමින් සියම් ලංකා භික්ෂූහු පාද චාරිකාවෙන් නුවරඑළිය ට වැඩම කරති

වෙසක් සතිය අරඹමින් සියම් ලංකා භික්ෂූහු පාද චාරිකාවෙන් නුවරඑළිය ට වැඩම කරති
  • SocialShare:

2025 වර්ෂයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව සිදුකරනු ලබන සියම් ලංකා ධර්ම යාත්‍රා වැඩ සටහනේ භික්ෂුන් වහන්සේලා පාද චාරිකාවෙන් නුවරඑළිය ට වැඩම කරවීම අද පෙරවරුවේ සිදු වුහ.

බණ්ඩාරවෙල නගරයේ සිට නුවරඑළිය දක්වා පසුගිය මැයි මස 07 සිට ගමන් ආරම්භ කල මෙම ධර්ම යාත්‍රා පාද චාරිකාව පළමු දිනය බණ්ඩාරවෙල සිට දඔවින්න දක්වාත්,
දෙවන දිනය දඔවින්න සිට  දිවුරුන්වෙල දක්වාත්, තුන්වන දිනය දිවුරුම්වෙල සිට හග්ගල දක්වා පැවැත්වු අතර සිව්වන දිනය වන අද හග්ගල සිට නුවරඑළිය දක්වා වැඩම කරවීම සිදු වුහ