නුවරඑළියේ ජාතික වෙසක් උත්සවයට සමගාමීව රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක්

නුවරඑළියේ ජාතික වෙසක් උත්සවයට සමගාමීව රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක්
  • SocialShare:

නුවරඑළියේ පැවැත්වෙන ජාතික වෙසත් මහෝත්සවයට සමාගාමීව රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ(25) නුවරඑළිිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.

නායක ස්වාමීන් වහන්සේලාගේ සහ නුවරඑළිය දිස්ත්‍රික් මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත් විණි.

ජාතික වෙසක් උත්සවයේ මෙවර තේමාව වනුයේ ‘භජේත මිත්තේ කල්‍යාණේ’- කලණ මිතුරන් ඇසුරු කරන්න යන්නයි.  නුවරඑළියේ පන්සල් 350 ක් සහ පිරිවෙන් 11 ක් ඇසුරු කරගෙන මෙවර ජාතික වෙසක් උත්සවය සැමරීමට සැලසුම් කර තිබේ.