පාරිභෝගික නිති රීති හා අණ පනත් පිළිබඳව නාවික හමුදා නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

පාරිභෝගික නිති රීති හා අණ පනත් පිළිබඳව නාවික හමුදා නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
  • SocialShare:

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් ප්‍රධානී සාලින්ද නවරත්න බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පානම නාවික හමුදා නිළධාරීන් සඳහා වු දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (21දා) පානම මහනාග නාවික හමුදා කඳවුරේ දී පැවැත්විණි.

මේ සඳහා නාවික හමුදා නිළධාරීන් 65දෙනකු සහභාගි වු අතර, මෙහිදී පාරිභෝගික නිති රීති හා අණ පනත් පිළිබඳව මෙහිදි දැනුවත් කිරීම සිදුකෙරුණු අතර, මේ සදහා අම්පාර දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිළධාරීන් මෙන්ම පානම නාවික හමුදා නිළධාරීන් රැසක් ද සහභාගි විය.