ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ පැවැත්වෙන 77 වන නිදහස් දින සැමරුම අදට(04) යෙදී තිබේ.

ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ පැවැත්වෙන 77 වන නිදහස් දින සැමරුම අදට(04) යෙදී තිබේ.
රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය මෙන් ම ප්‍රාදේශීය සභා මැතිවරණය ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පවසයි.
ඡන්දහිමි නාම ලේඛනයට සුදුසුකම් ලැබු ඡන්දහිමියන් අත් නොහැරෙන අකාරයට ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීම මැතිවරණ කොමිසන් සභාවේ අරමුණ බව අතිරේක මැතිවරණ කොමසාරිස් (ජාතික මැතිවරණ ) රසික පීරිස් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු තැපැල් කාර්යාල පහෙන් එකක් වූ ගාල්ල කොටුව පරීශ්‍රයේ පිහිට තැපැල් කාර්යාල ලන්දේසි පාලන සමයේ ඉදිකරන ලද ගොඩනැගිල්ලක ස්ථාපිතව පැවැති අතර, එම ගොඩනැගිල්ල නිසි අයුරින් දීර්ඝ කාලයක් නඩත්තු නොකිරීම හා සංරක්ෂණය නොකිරීම හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන් ගරා වැටීමේ තත්ත්වයකට පත්ව ඇත.
‘ජාතික පුනරුදයට පෙළගැසෙමු’ තේමාව යටතේ 77 වැනි නිදහස් උත්සවය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී හෙට (04) අභිමානවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
ජනපති යාපනයේ සිදුකළ සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා තුනක් භාවිතා කළ බවට පැතිර යන අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මෙම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා පත් කර ඇත.
ගුණාත්මක සහ ප්‍රමිතිගත නිෂ්පාදන ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව ආයුර්වේද ඖෂධ මෙන් ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකරමින් නියාමනයකට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවේ නව සාමාජිකයන්ට උපදෙස් ලබා දෙන ලදී.
‘ජාතික පුනරුදයට පෙළගැසෙමු’ තේමාව යටතේ 77 වැනි නිදහස් උත්සවය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අභිමානවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවක් බවට පත් ව ඇති අලි - මිනිස් ගැටුමට විවිධාකාර වු විසදුම් සොයන පසුබිමක ඒ සදහා විද්‍යාත්මක විසදුමක් ලෙස සාර්ථකත්වයක් ලබා ඇති දේශිය අලිවැට පද්ධතියක් නිර්මාණය කිරිමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජාතික ඉංජිනේරු හා සංවර්ධන මධ්‍යස්ථානයේ ( NERDC ) ඉංජිනේරුවන් විසින් සමත්ව ඇත.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ පූර්ව වටයේ සාකච්ඡාව, ‘ඉසුරුපාය’ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්විණ.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.