සාගර තාක්ෂණික හුවමාරුව සහ තිරසාර සාගර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

සාගර තාක්ෂණික හුවමාරුව සහ තිරසාර සාගර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුළ විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩපිළිවෙලක් මාර්තු 20 වෙනිදා සිට ආරම්භ කර ඇති බව පාරිභෝගික අධිකාරියේ අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව පරිපාලන ගොඩනැඟිල්ලේ (Maritime Facilitation Centre - MFC) ඉදිකිරීම් මෙම වසරේ අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රෝහලක සායනික රෝගීන් සඳහා ඖෂධ නිකුත් කිරීමේදී පෝලිම්වල සිට අපහසුතාවයට පත්වීම වළක්වමින් “ස්මාර්ට් ටෝකන්” ක්‍රමයක් ගාල්ල ජාතික රෝහල විසින් හඳුන්වා දී ඇත.
ඉදිකිරීම්, නිෂ්පාදන, අපනයන සහ සේවා කර්මාන්ත ඇතුළු සියලුම කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබා දීම සඳහා රජයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසයි.
දිට්වා ව්‍යසනයෙන් හානියට පත් නානුඔය සහ අඹේවෙල අතර දුම්රිය මාර්ගය ප්‍රමාදයකින් තොරව යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කරයි.
බේකරි නිෂ්පාදන මිල වැඩිවීම් පාලනය කිරීම සහ පාරිභෝගිකයින්ට ඇති බලපෑම අවම කිරීම සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුළ වෙළෙඳපොළෙහි පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැළැක්වීමේ අරමුණින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් විශේෂ වෙළෙඳපොළ වැටලීම් සහ විමර්ශන වැඩපිළිවෙලක් 2026 මාර්තු 20 වන දින සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මැද පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට අඛණ්ඩ හා විශ්වාසදායී බලශක්ති සැපයුමක් තහවුරු කිරීම සඳහා ගත හැකි සියලු පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අධි අවදානම් කලාපවල ජීවත්වන වතු ප්‍රජාව සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් “මලෛයග මහිල්චිචි” වැඩසටහන යටතේ ක්‍රියාත්මක නව නිවාස ව්‍යාපෘතියකට මුල්ගල් තැබීම අද (26) දින සිදු කෙරිණි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ මෙරට ජාතික උරුමයන් හඳුනා ගැනීම, සංරක්ෂණය කිරීම සහ අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණින් ප්‍රථම වරට ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ ජාතික නාමල් උයන හඳුන්වාදී වසර 35ක් පිරිම සැමරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin මහතා අවධාරණය කළේය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.