විශ්‍රාම යාමට නියමිත ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අද (28) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න හමු විය.

විශ්‍රාම යාමට නියමිත ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අද (28) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න හමු විය.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපාන රජය විසින් යෙන් මිලියන 300 ක් ප්‍රදාන ආධාර ලබා දීම සඳහා එකඟත්වය පළ කර ඇති අතර එම මුදල් බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වල පළාත්පාලන ආයතනයන් හි කසළ කළමනාකරණ ධරිත්වය වැඩි කිරීමට Garbage Compactors 28ක් ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
උත්සව සමයේ ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් අඩු මිලට රට ඉඳි ගෙන්වීම සඳහා කැබිනට් තීන්දුවක් ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2025 වර්ෂය වෙනුවෙන් මුදල් කොමිෂන් සභාවේ පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් අවශ්‍යතා ඇතුළත් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිමට සහ එම නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
2025 වසරේ සිට නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
ගොවියාට වී සඳහා සාධාරණ මිලක් ලබාදීමට පියවර ගනිමින් සිටින බවත් ඒ අනුව වෙළෙඳපොළේ වී මිල අඩු වීමට ආරම්භ වූ අවස්ථවේ දී ම වී සඳහා සහතික මිලක් නියම කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වසයි.
සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට රජයේ කිසිදු සූදානමක් නොමැති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
2025 වසරේ ගත වූ දින කිහිපය තුළ ශ්‍රී ලාංකිකයින් 119ක් ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
· මෙරට යහපත් කෘෂිකාර්මික පිළිවෙත් නගාසිටුවීමට සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අවධානය.
අද සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වේ.
ගරු ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.