‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි හානි සිදු වූ බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රදේශයේ පිහිටි බදුලු ඔය මහා වාරි ව්‍යාපෘතියේ ස්ථීර ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (03) වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 324.43 ක මුදලක් වැය කෙරේ.
සුළි කුණාටුව හේතුවෙන් ස්ථාන කිහිපයකින් බිඳ වැටී දැඩි හානි සිදුව තිබූ මෙම වාරි ව්‍යාපෘතිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ ප්‍රදේශයේ ගොවි ජනතාව, සිවිල් සංවිධාන සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ දායකත්වයෙන් කෙටි කාලයක් තුළ තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර තිබිණි.
අක්කර 1,775 ක වගා බිම් සඳහා ජලය සපයන බදුලු ඔය මහා වාරි ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමත්, ගොවි ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමත් ප්‍රධාන අරමුණ වේ.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා, කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ රත්නායක සහෝදරයා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ද, බදුල්ල දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශයේ ගොවි මහත්ම මහත්මීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.


