ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT ’ නෞකාව මෙහෙයුම් අවශ්‍යතා සඳහා දිවයිනට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT ’ නෞකාව මෙහෙයුම් අවශ්‍යතා සඳහා දිවයිනට පැමිණෙයි
  • SocialShare:

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT’ නෞකාව මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පසුගියදා (01) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරිණි.

මෙලෙස දිවයිනට පැමිණි Landing Ship Tank වර්ගයට අයත් ‘INS AIRAVAT’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් IP Patil කටයුතු කරනු ලබයි.
මෙම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එම නෞකාවේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගී වීමටත්, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටත් නියමිතව ඇත.