All Stories

වරායේ තදබදය නැති කිරීමට බහාලුම් පරීක්ෂාවට බ්ලුමැන්ඩල් ප්‍රදේශයෙන් අක්කර 02ක අංගනයක් කඩිනමින් සකසනවා - ප්‍රවාහන ඇමැති

රජයක් ලෙස ඉතාම සැලසුම් සහගතව, වේගයෙන් වැඩකටයුතු කරගෙන යන යමින් ජනතාවට ප්‍රතිලාභ ලබා දෙමින් තිබෙන බවත්, වත්මන් ආණ්ඩුව ඒ වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය, බිමල් රත්නායක මහතා පවසයි.

වරායේ තදබදය නැති කිරීමට බහාලුම් පරීක්ෂාවට බ්ලුමැන්ඩල් ප්‍රදේශයෙන් අක්කර 02ක අංගනයක් කඩිනමින් සකසනවා - ප්‍රවාහන ඇමැති

අස්වැසුම දෙවන අදියර සංගණනය සාර්ථක කර ගැනීමට සැලසුම් සහගත පියවර

අස්වැසුම  සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර සංගණනය සාර්ථක කර ගැනීම උදෙසා පූර්ව සුදානමක් ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සැලසුම් සහගත පියවර අනුගමනය කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

අස්වැසුම දෙවන අදියර සංගණනය සාර්ථක කර ගැනීමට සැලසුම් සහගත පියවර

ගාල්ල උඩුගම මූලික රෝහලේ අපජල හා මළාපවාහන පිරිසිදු කිරීමේ පද්ධතිය සහ නව වෛද්‍ය නේවාසිකාගාරය ජනතා අයිතියට

ගාල්ල උඩුගම මූලික රෝහලේ ඉදිකරණ ලද අපජල හා මළාපවාහන පිරිසිදු කිරීමේ පද්ධතිය සහ නව වෛද්‍ය නේවාසිකාගාරය ජනතා අයිතියට පත් කිරීම දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ ගමගේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරණි.

ගාල්ල උඩුගම මූලික රෝහලේ අපජල හා මළාපවාහන පිරිසිදු කිරීමේ පද්ධතිය සහ නව වෛද්‍ය නේවාසිකාගාරය ජනතා අයිතියට

රජය සතු ආයතන රජයට බරක් ලෙස නොව රටට ඵලදායී අත්‍යවශ්‍යම ආයතන ලෙස පැවතීම දැක්ම රජයේ අපේක්ෂාවයි - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රජය සතු ආයතන රජයට බරක් ලෙස නොව රටට ඵලදායී අත්‍යවශම ආයතන ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරීම පිළිබඳව රජයේ නව මුද්‍රණාලාධිපති කේ.ජී.ප්‍රදීප් පුෂ්පකුමාර මහතා ඇතුළු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සියළුම මාණ්ඩලික නිලධාරීන් සහ අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී ය.

රජය සතු ආයතන රජයට බරක් ලෙස නොව රටට ඵලදායී අත්‍යවශ්‍යම ආයතන ලෙස පැවතීම දැක්ම රජයේ අපේක්ෂාවයි - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ගාමිණී වික්‍රමපාල මහතා පත් කෙරේ

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් ගාමිණී වික්‍රමපාල මහතා අද ( 20 ) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යය සුනිල් කුමාර ගමගේ අතින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ දී සිය තනතුරේ පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ගාමිණී වික්‍රමපාල මහතා පත් කෙරේ

චීන අලුත් අවුරුදු සැමරුම සහ සංස්කෘතික උත්සවයක් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී

මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය එක්ව චීන අලුත් අවුරුදු උත්සවය සැමරීමේ වැඩසටහනක් කොළඹදී සංවිධාන කෙරිණ. එහි සමාරම්භක උළෙල ජනවාරි 19 දින කොළඹ Cinnomon Life හෝටලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

චීන අලුත් අවුරුදු සැමරුම සහ සංස්කෘතික උත්සවයක් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී

විදේශ රැකියා පුහුණුව වඩාත් ගුණාත්මක කිරීමේ අරමුණින් පෞද්ගලික පුහුණු ආයතන දැනුවත් කෙරේ

විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමික ප්‍රජාවට ගුණාත්මක පුහුණුවක් ලබා දීම පිළිබඳව විදේශ රැකියා පුද්ගලික පුහුණු ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි‍‍‍

විදේශ රැකියා පුහුණුව වඩාත් ගුණාත්මක කිරීමේ අරමුණින් පෞද්ගලික පුහුණු ආයතන දැනුවත් කෙරේ

කලා ඔය ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්

කලා ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශ වලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් අද (19) පස්වරු 06ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් කලා ඔය ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

කලා ඔය ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්

ඖෂධ නිෂ්පාදන ධාරිතාවයේ සීඝ්‍ර වර්ධනයකට කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

මෙරට ජනතාවගේ ප්‍රතිකාර කටයුතු සඳහා රෝහල් පද්ධතියට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග අඛණ්ඩව සැපයීම විවිධ කරුණු නිසා වර්තමානයේ අභියෝගයක් වී ඇති බැවින් මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදන ධාරිතාවය සීඝ්‍රයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් දෙනු ලැබීය.

ඖෂධ නිෂ්පාදන ධාරිතාවයේ සීඝ්‍ර වර්ධනයකට කඩිනම් පියවර ගන්නා ලෙස  සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධන්ගල ප්‍රදේශය වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් දෙකක් (02) ස්ථානගත කිරීමට නාවික හමුදාව විසින් 2025 ජනවාරි මස 15 වන දින කටයුතු කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩායම් බුද්ධන්ගල ප්‍රදේශයේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදු කරමින් සිටියි.

අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

දිවයිනම ආවරණය වන පරිදි වී ගබඩා පිරිසිදු කිරීම් කටයුතු යුද්ධ හමුදාවේ දායකත්වයෙන්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතාගේ මඟ පෙන්වීම යටතේ දැනට දිවයින පුරා ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, එම වී මිලදී ගැනීමෙන් පසු වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී ගබඩාවන් 209ක ගබඩා කිරීමට රජය විසින් සැලසුම් කර ඇත.

දිවයිනම ආවරණය වන පරිදි වී ගබඩා පිරිසිදු කිරීම් කටයුතු යුද්ධ හමුදාවේ දායකත්වයෙන්

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් වරලත් මාධ්‍ය ආයතනයක්

මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදා කර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් හා ඊට අදාළ ඉදිරි පියවරයන් මේ වනවිට ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ  අභිවෘද්ධිය වෙනුවෙන් වරලත් මාධ්‍ය ආයතනයක්
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.