ලංකා සුදු ඩීසල් මිල ඉහළ යාමට සමගාමීව අද (23) මධ්‍යම රාත්‍රියේ සිට පොදු මගී බස් ගාස්තු 12.19% කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් සිදුව ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික බලපෑම් හෝ දේශපාලන පීඩනයෙන් තොරව නීතියට අනුව සහ ජනතාවගේ අවශ්‍යතා අනුව රාජකාරි කිරීමේ නිදහස ලබා දී තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දීමට නියමිත ඇගයීම් සහ තක්සේරුකරණ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ කමිටුවේ සභාපති, මහාචාර්ය ලූක් විලියම් හාඩින් (Professor Luke William Harding) සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර විශේෂ සාකච්ඡාවක් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
මැද පරෙදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඇතිවිය හැකි ඕනෑම තත්වයකට මුහුණ දීමට රජය සූදානම් බවත් මෙම තත්වය අවබෝධ කරගෙන සියලුදෙනා කටයුතු කළ යුතු බවත්, කිසිම අයුරකින් කලබලයට පත්විය යුතු නැති බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීම සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල හානිය නිරීක්ෂණය කිරීමේ අරමුණින් තෙදින නිල සංචාරයක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති Masato Kanda මහතා අද (23) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය.
“Gift of Vision” විශේෂ වැඩසටහනට වසරක් සපිරීම නිමිත්තෙන්, ඇසේ සුද හේතුවෙන් පෙනීම අහිමි වූ රෝගීන් 1000 දෙනෙකු සඳහා අක්ෂි ශල්‍යකර්ම සිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා (21) කොළඹ ජාතික අක්ෂි රෝහලේදී ආරම්භ කෙරිණි.
කොළඹ නගරයේ වාහන ගාල් කිරීමේදි අයකරන ගාස්තු හෙට (23) සිට නැවත අය කිරිමට තීරණය කර ඇති බව කොළඹ මහ නගර සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ගෝලීය යුදමය වාතාවරණය හමුවේ මෙරට ආහාර බෙදාහැරීමේ ප්‍රවාහන සේවාවන් සඳහා ඉන්ධන අවශ්‍යතා හඳුනා ගැනීමට විශේෂ දත්ත රැස්කිරීමේ වැඩසටහනක් රජය ආරම්භ කර තිබේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කර ඇත.
ආහාර බෙදාහැරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමටත්, ඉන්ධන බෙදාහැරීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී වඩාත් නිවැරදි දත්ත භාවිත කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහන මගින් විශේෂයෙන් ඉලක්ක කරනු ලබන්නේ ප්‍රවාහන හෝ සැපයුම් මෙහෙයුම්වලට අදාළව වෙනත් කිසිදු අමාත්‍යාංශයක හෝ රජයේ නිල ලේඛනයක මේ දක්වා ලියාපදිංචි වී නොමැති ප්‍රවාහන සේවා සපයන්නන් පමණි.
සමස්ත ක්ෂේත්රයේ පවතින ඉන්ධන ඉල්ලුම තක්සේරු කිරීමත් ප්‍රවාහන සේවා සපයන්නන් මුහුණ දෙන මෙහෙයුම් ගැටලු හඳුනා ගැනීමත් නිවැරදි දත්ත මත පදනම් වූ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සහාය වීමත් මෙම දත්ත රැස්කිරීමේ ප්‍රධාන අරමුණු වේ.
මෙම දත්ත රැස්කිරීම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන තොරතුරු මත පදනම් වන අතර, මේ හරහා රැස් කෙරෙන තොරතුරු විධිමත් විශ්ලේෂණයකින් පසුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) වෙත නිර්දේශ ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.
දැනටමත් එවැනි රජයේ පද්ධතියක ලියාපදිංචි වී ඇත්නම්, තම දත්ත ඉදිරිපත් කිරීම සඳහා අදාළ නිල සන්නිවේදන මාර්ග අනුගමනය කරන ලෙස වෙළෙඳ වාණිජ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය එම සේවා සපයන්නන්ගෙන් ඉල්ලා සිටී.
අදාළ දත්ත ඉදිරිපත් කිරීම සඳහා https://forms.gle/EPPu4bciG6onEptT9 සබැඳිය (Link) ඔස්සේ ගූගල් ආකෘති පත්‍රය (Google Form) වෙත පිවිසිය හැකිය. ඊට අදාළ QR කේතය හරහා ද ගූගල් ආකෘති පත්‍රය (Google Form) වෙත පිවිසිය හැකිය.
මෙම ආකෘති පත්‍රය පිරවීමෙන් පමණක් ඉන්ධන කෝටාවක් හෝ හිමිකමක් ලබා දීම සහතික නොකරන බව ද වෙළෙඳ වාණිජ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය දන්වා සිටී.
QR කේතය

ඉදිරි මාසවලදී තෙල් සැපයුමේ කිසිදු ගැටලුවක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ, රජය සහ සමාගම් වියදමේ කොටසක් දරාගනිමින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


