ලංකා සුදු ඩීසල් මිල ඉහළ යාමට සමගාමීව අද (23) මධ්‍යම රාත්‍රියේ සිට පොදු මගී බස් ගාස්තු 12.19% කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරන බවයි.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු සඳහා 10% කට වැඩි බලපෑමක් එල්ල වී ඇති බව කොමිෂන් සභාව පෙන්වා දී ඇති අතර, බස් සංගම් 15% ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටි පසුබිමක මෙම තීරණය ගෙන ඇත.
නව සංශෝධනයට අනුව, මෙතෙක් රුපියල් 27ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ නංවා රුපියල් 30ක් ලෙස නියම කර ඇත. එසේම, ඉහළම ගාස්තු කාණ්ඩය රුපියල් 2,159 සිට රුපියල් 2,422 දක්වා වැඩි කර තිබේ.
මේ අතර, බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ ගාස්තු ද සංශෝධනය කර ඇති අතර, පළමු කිලෝමීටරයට රුපියල් 110ක් සහ දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 90ක් ලෙස නව ගාස්තු අය කිරීමට නියමිතය.
නව ගාස්තු ක්‍රියාත්මක වීමත් සමඟ නියමිත ගාස්තු පමණක් අය කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ ධාවකයින්ට දැනුම් දී තිබේ.
නියමිත ගාස්තු ඉක්මවා මුදල් අය කරන අයවරුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත්, එවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් 1955 හදිසි ඇමතුම් අංකයට හෝ 0712595555 වට්ස්ඇප් අංකයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


