ආබාධ සහිත දරුවන් වෙනුවෙන් මෙරට ප්‍රථම කුසලතා සංවර්ධන දිවා සුරැකුම් මධ්‍යස්ථානය හෙට විවෘත වේ

ආබාධ සහිත දරුවන් වෙනුවෙන් මෙරට ප්‍රථම කුසලතා සංවර්ධන දිවා සුරැකුම් මධ්‍යස්ථානය හෙට  විවෘත වේ
  • SocialShare:

"නිර්බාධිත සමාජ ජීවිතයක් – යුක්තිසහගත සම්ප්‍රවේශයක්" යන රජයේ ප්‍රතිපත්තියට අනුව, ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් කුසලතා සංවර්ධන දිවා සුරැකුම් මධ්‍යස්ථාන 25ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එම මධ්‍යස්ථාන අතරින් ප්‍රථම මධ්‍යස්ථානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නඩුඋත්තු ග්‍රාම නිලධාරි වසමේදී හෙට (17) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

ඒ අනුව, 2026 අයවැය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 250ක වියදමින් එම මධ්‍යස්ථානවලින් 10ක් ත්‍රිකුණාමලය, අම්පාර, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, මුලතිව්, කුරුණෑගල, කළුතර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ආරම්භ කිරීමට නියමිතය.