ජනතාවට කාර්යක්ෂම, ගුණාත්මක හා අඛණ්ඩ නිදහස් සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම සඳහා සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීමේ ජාතික වැඩපිළිවෙළ තවත් වැදගත් පියවරක් ඉදිරියට තබමින් රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර lll ශ්‍රේණියේ නවක නිලධාරින් (Public Health Management Assistant - PHMA) 228 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම ආයතනයේ දී පැවැත්විණි.
රෝහල් පද්ධතියේ කළමනාකරණ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, රෝගී සත්කාරක සේවාවන් බිඳවැටීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම, සෞඛ්‍ය ආයතනවල රාජකාරි ක්‍රියාවලිය නවීන කළමනාකරණ ප්‍රවේශයන්ට අනුගත කරමින් විධිමත් කිරීම සහ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ශක්තිමත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රමුඛ අරමුණු අතර වේ.
එම වැඩපිළිවෙළ යටතේ පත්වීම් ලැබූ නව රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර මහත්ම මහත්මීන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනයවන රෝහල් හා සෞඛ්‍ය ආයතනවල පවතින සේවා අවශ්‍යතා අනුව අනුයුක්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඔවුන්ගේ සේවය මගින් රෝහල් කළමනාකරණ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, තොරතුරු හා ලේඛන කළමනාකරණය විධිමත් කිරීම, සෞඛ්‍ය සේවකයන්ගේ කාර්ය සාධනයට කළමනාකරණ සහාය ලබාදීම සහ ජනතාවට කඩිනම්, ගුණාත්මක හා විශ්වාසනීය සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා සැලකිය යුතු දායකත්වයක් හිමිවනු ඇත.
පත්වීම් ප්‍රදානයෙන් අනතුරුව උත්සව සභාව අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්වීම්ලාභීන් මෙරට සෞඛ්‍ය සේවාව සඳහා සාදරයෙන් පිළිගන්නා බව පැවසීය. මෙරට සෞඛ්‍ය සේවාව තුළ තවත් පුද්ගලයෙකුගේ ජීවිතයක් බේරා ගැනීම සඳහාත්, තවත් පුද්ගලයෙකුට තවත් කාලයක් ජීවත්වීම සඳහාත් අවශ්‍ය සෞඛ්‍ය පරිසරය සැදීමට කටයුතු කරන පිරිසක් බවට තමන් සිදුකරන රාජකාරිය කුමක්ද යන්න විමසන ඕනැම පුද්ගලයෙකුට පත්වීම්ලාභීන්ට ප්‍රකාශ කළ හැකි බව ද සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තිකයින් එකම බැදීමකින් කටයුතු කරන බැවින් තම ජිවිතයේ අත්හල නොහැකි බැදීමක් ඇති තැනක් බවට සෞඛ්‍ය සේවාව පත්වනු ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම පවතින සමහර රාජ්‍ය ආයතනවල මේ වන විට ඵල ප්‍රයෝජනයක් නැතිනම් ඒ සම්බන්ධ ව තීන්දු තීරණ ගැනීම ට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
රාජ්‍ය සේවාව කාර්යක්ෂම කිරීම යනු බඳවා ගනු ලබන ප්‍රමාණය විධිමත් කිරීම පමණක් නොවන බවත්, සමහර රාජ්‍ය ආයතනවල එකම දේ තැන් තැන් රැසක කරනවා නම්, කාලානුරූපීව අවශ්‍යතාවය නැතිව ගොස් ඇත්නම් එම රාජ්‍ය ආයතන සමාලෝචනය කරන බවත්, සමහර ආයතන දැනටමත් වසාදැමමීමට තීන්දු ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම සමහර ආයතන ඒකාබද්ධ කරන බවත්, සමහර ආයතනවල කළමණාකාරීත්වය වෙනස් කරන කරමින් රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
වසංගත, බෝනොවන රෝග, හදිසි අනතුරු ආදී වශයෙන් නිතර වෙනස් වන අභියෝග සහ ප්‍රශ්ණවලට සෞඛ්‍ය සේවාවට දෛනිකව මුහුණදීමට සිදුවන බවත්, සෞඛ්‍ය සේවාවේ සියලුම වෘත්තිකයින්, කණ්ඩායම් එක්ව කටයුතු කිරීම තුලින් රෝගී ජිවිත බේරා ගැනීමට සහ නීරෝගී කිරීමට හැකි වනු ඇති බව ද ඒ තුලින් සේවා කරන ස්ථානය තෘප්තිමත් තැනක් බවට පත්වනූ ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
පසුගිය කාල පරිච්ඡේද වලට වඩා රාජ්‍ය සේවාව නිවැරදි දිශානතියකට ගමන් කරන බවත්, ඉදිරියේ දී තව දුරටත් රාජ්‍ය සේවාව ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත්, රාජ්‍ය සේවාවේ රාජ්‍ය සේවකයා හරහා ජනතාවට සේවා සිදූ වෙනවා නම් ඔවුන් තෘප්තිමත් වන වැටුප් තලයක් සකස් කළ යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
විශ්‍රාම වැටුපේ අවිනිශ්චිතතාවය වත්මන් රජය ඉවත් කළ බවත්, විශ්‍රාම වැටුපේ හිම්කම සහතික කළ බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා නවීන තාක්ෂණය හරහා ඩිජිටල්කරණ වෙමින් පවතින රාජ්‍ය සේවාවක් මේ වන විට ක්‍රියාත්මක බව ද දෙස් විදෙස් පුහුණු අවස්ථා විවර කර ඇති කර ඇති බව ද පැවසීය.
160,000 ක පමණ පිරිසක් රාජ්‍ය සේවාවට ඇතුළත් කර ගැනීම සඳහා රජය සැලසුම් සහගත වැඩපිළිවෙල ක් දියත් කරනු ලබන බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසීය.
මෙම උත්සවය අමතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක කිත්සිරි ගුණවර්ධන, විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වසන්ත කුමාරසිංහ යන මහත්වරුන්ද අදහස් පළකර සිටියේය.ෙ
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්වන චාමික එච්. ගමගේ, හර්ෂනී සිරිනාම යන මහත්ම මහත්මීන් මෙන්ම එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන්, ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


