රජයේ කටයුතු අඛණ්ඩව ගලා යාම සඳහා අවශ්‍ය පියවරයන් මේ වන විට රැගෙන ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

රජයේ කටයුතු අඛණ්ඩව ගලා යාම සඳහා අවශ්‍ය පියවරයන් මේ වන විට රැගෙන ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
ලෝක මුඛ දිනය අදට (20) යෙදී ඇති අතර, එම දිනය සැමැරීම නිමිත්තෙන් වූ මෙරට ජාතික සැමරුම් උත්සවය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) ගාළු මුවදොර පිටියේ දී පැවැත්විණි.
විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වයත්, ඒ හමුවේ ලෝකයේ විවිධ රාජ්‍යයන් මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳවත් සාකච්ඡාවක් පවතිනවා. අපේ පාර්ලිමේන්තුවේත් මේ සාකච්ඡාවට ඉඩ විවර කිරීම පිළිබඳව යෝජනා ගෙන එන ලද අයට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.
රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යෑම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ පළමු රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19) පස්වරුවේ පැවැත්විණි.
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන පරිදි රජයේ සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස හරහා විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් අද(20) සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ.
පවතින ගෝලීය යුදමය තත්ත්වය හමුවේ වුවද, මෙරට පාරිභෝගික ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සේවා හිඟයකින් තොරව ලබාදීම සහතික කරන බවත්, ඒ් සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය, සනීපාරක්ෂාව සහ සුබසාධන සහාය සඳහා ප්‍රවේශය ඇතුළු අත්‍යවශ්‍ය සමාජ සේවා ප්‍රතිෂ්ඨාපනය සම්බන්ධීකරණය කිරීම මෙන්ම රෝග ව්‍යාප්තිය වැලැක්වීම සහ සහන කඳවුරු සුදුසු තත්වයන් යටතේ පවත්වාගෙන යාම සඳහා අධීක්ෂණය සහ උපදෙස් ලබාදීම වෙනුවෙන් Rebuilding Sri Lanka කාර්යසාධක බලකාය යටතේ පිහිටුවා ඇති සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ අනු කමිටුව ඊයේ (19) පස්වරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ සභාපතීත්වයෙන් තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව සූකර කර්මාන්තයේ යෙදෙන ගොවීන් සඳහා “සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක්“ හඳුන්වාදී ඇත.
බම්බලපිටිය දුම්රිය ස්ථානය නවීකරණ කටයුතු ඊයේ (19) ආරම්භ කර ඇති අතර, එය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ජාතික ඉන්ධන බලපත්‍රය ( National Fuel Pass) පද්ධතිය භාවිතා කිරීමේදී පාරිභෝගිකයින් මුහුණ දෙන තාක්ෂණික ගැටලු සහ ලියාපදිංචි වීමේදී ඇතිවන බාධාවන් කඩිනමින් විසඳා දීම සඳහා විශේෂ සහාය සේවාවක් ආරම්භ කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය නිවේදනය කරයි.
අපනයනය ප්රමුඛ ලෙස සලකා ක්ෂේත්රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා රජයක් ලෙස කළ යුතු සියලු මැදිහත්වීම සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ උද්ගතව ඇති ආර්ථික අභියෝග සහ ඊට මුහුණදීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.