All Stories

ගොවීන්ට පොහොර සඳහා රුපියල් 25,000ක මුල්‍ය ආධාරයක් සහ වී වගාව  සදහා නොමිලේ රතු කුඩු පොහොර ලබා දෙන්න කටයුතු කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-

මහ කන්නය සදහා පොහොර සහනාධාරය ලෙස රුපියල් 25,000ක් සහ රතුකුඩු පොහොර නොමිලේ ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා ය. 

ගොවීන් සදහා පොහොර සහනාධාරය ලබා දීමට රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනවාරි 8 වන දින පාර්ලිමේන්තු විවාදයේදී මතු වූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා ය. 

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

"ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා  පොහොර සහනාධාරය ලබා දිය යුතු කාල වකවානුව 2024 ඔක්තෝබර් පළවෙනි සිට 2025 පෙබරවාරි පළමුවනදා දක්වායි. ඒ සදහා රුපියල් 25000ක පොහොර සහනාධාරය රුපියල් 15000ක වාරිකයක් සහ රුපියල්  10000ක වාරිකයක් වශයෙන් අදියර දෙකකදී ලබා දීමට කටයුතු කරනවා. මේ වනවිට රුපියල් 15000ක පළමු වාරිකය ලබා දීලා තිබෙනවා. ගොවීන්ගේ පොහොර අවශ්‍යතාවය සපුරාලීම සඳහා සාධනීය සහ විධිමත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අප රජය කටයුතු කරනවා. "

ඒ සඳහා මේ වනවිට  ගොවි සංවිධාන මගින් අදහස් ලබා ගනිමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

කුඹුරු ඉඩම් වල වී වගා කරන ගොවීන් සඳහා ලබා දෙන මූල්‍ය සහනාධාරයට අමතරව මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටෝන්  25239 දශම හතයි තුනක  ප්‍රමාණයක්  රජය විසින් නොමිලේ ලබාදීමට මේ වන විට සැලසුම් කර ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ගොවීන්ට පොහොර සඳහා රුපියල් 25,000ක මුල්‍ය ආධාරයක් සහ වී වගාව  සදහා නොමිලේ රතු කුඩු පොහොර ලබා දෙන්න කටයුතු කරනවා  -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-

සංචාරක වීසා මත පැමිණ මෙරට ව්‍යාපාර  සිදුකිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සංචාරක වීසා මත පැමිණ මෙරට ව්‍යාපාර කිරීමට කිසිදු නීතිමය අවසරයක් නැති බවත් එවැනි සිද්ධි සම්බන්ධයෙන් රජය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 

සංචාරක වීසා මත පැමිණ මෙරට ව්‍යාපාර  සිදුකිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් විශේෂ දුම්රිය කාල සටහනක්

තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාස වල විශේෂ දුම්රිය කාල සටහනක් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනය මෙසේය,

20250106 250109 104833 1 1 page 001

තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් විශේෂ දුම්රිය කාල සටහනක්

2026 සිට පාසල් වාරය නිසි පරිදි පැවැත්වෙනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමන්‍යපරිදි පවත්වාගෙනයාමටත් කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

2026 සිට පාසල් වාරය නිසි පරිදි පැවැත්වෙනවා  -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මෙරට මුහුදු සීමාවේදී අනවසර ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව පසුගිය දා 08 වැනි දින රාත්‍රි කාලයේ යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙරට මුහුදු සීමාවේදී අනවසර ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

ඉදිරි තෙවසර තුළ ප්‍රධාන ධාරාවන් 05ක් ඔස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනයට

මෙරට ජීවත්වන ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි තෙවසර තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඉදිරි තෙවසර තුළ ප්‍රධාන ධාරාවන් 05ක් ඔස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනයට

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සහ ලංකා ගුරු සංගමයේ දකුණු පළාත් නිලධාරීන් අතර සාකච්ඡාවක්

ලංකා ගුරු සංගමයේ දකුණු පළාත් නිලධාරීන් සමග ඔවුන්ගේ ගැටළු පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා (07) දකුණු පළාත් ආණ්ඩුකාරවර එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සහ ලංකා ගුරු සංගමයේ දකුණු පළාත් නිලධාරීන් අතර සාකච්ඡාවක්

චීන මාධ්‍ය සමූහය (China Media Group) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය අතර අවබෝධතා ගිවිසුමක්

චීන මාධ්‍ය සමූහය (China Media Group) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

චීන මාධ්‍ය සමූහය (China Media Group) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය අතර අවබෝධතා ගිවිසුමක්

දුම්රිය මඟී ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට කටයුතු කරන්න - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්

සියලු දෙනාම එක්සිත්ව, වැඩ පවරණතෙක් බලා නොසිට ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වී, කාර්යක්ෂම දුම්රිය සේවයක්, ප්‍රියමනාප දුම්රිය ස්ථානයක් බිහි කිරීමේ පෙරගමන්කරුවන් ලෙස කටයුතු කළ යුතු බව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය කේ. කපිල සී.කේ. පෙරේරා මහතා අවධාරණය කළේය.

දුම්රිය මඟී ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට කටයුතු කරන්න - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්

"Gem Sri Lanka - 2025" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

"Gem Sri Lanka - 2025" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී අද (08)  පෙරවරුවේ ඉතා උත්කර්ෂවත් ලෙස ආරම්භ විය.

"Gem Sri Lanka - 2025" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

JICA හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක්

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය. 

මෙම හමුවේදී මෙරට සංවර්ධන ප්‍රමුඛතා සඳහා  JICA ආයතනයේ සහය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනිණ. සාකච්ඡාවට ලක් වූ ප්‍රධාන ක්ෂේත්‍ර අතරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිම කිරීම සහ දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳවද ඇතුළත් විය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ශ්‍රී ලංකාවට ජපානයෙන් ලබාදෙන සහයෝගය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ අතර, "clean sri lanka " වැඩසටහන සමඟින් දරිද්‍රතාවය පිටුදැකීම සහ ඩිජිටල්කරණය කෙරෙහි රජයේ ප්‍රමුඛතාව ලබාදී ඇති බවද සඳහන් කළාය.

මෙම රැස්වීමට ජපානයේ තානාපති Akio Isomata මහතා සහ ජපාන තානාපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් හා ආර්ථික සහයෝගිතා ප්‍රධානී Kenji Ohashi මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, විදේශ කටයුතු අමාත්‍යංශයේ මැදපෙරදිග සහ අප්‍රිකානු අතිරේක ලේකම් යසෝජා කේ ගුණසේකර මහත්මිය, එම අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාවේ සහකාර අධ්‍යක්ෂ රවීන් උබේසේකර මහතා සහ මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ. 

JICA හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක්
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.