රාජ්‍ය ආයතන මහජනතාවට වගවීම තහවුරු කිරීම පිණිස අමාත්‍යංශවල විමර්ශන ඒකක පිහිටුවන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

රාජ්‍ය ආයතන මහජනතාවට වගවීම තහවුරු කිරීම පිණිස අමාත්‍යංශවල විමර්ශන ඒකක පිහිටුවන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වර්ෂයේ දී පළමු වන ශ්‍රේණියට ඇතුළත් වන නවක සිසුන් සඳහා සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භ වන්නේ, 2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා දිනයේ දී ය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick මහතා අතර හමුවක් ඊයේ ( 30) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී සිදු විය.
2025 නව වසර උදාව නිමිත්තෙන් 2024.12.31 වන දින කොළඹ නගරය වෙත පිටත පළාත්වලින් නව වසර උදාව සැමරීම සඳහා විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් ගාලු මුවදොර පරිශ්‍රය වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරයි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරු පත් කරනු ලැබ ඇත.
බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මාධ්‍යයට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බවත්, ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසිලෙස මෙහෙයවීමේ වගකීම රජය ඉටු කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ලද “Household Survey on Impact of Economic Crisis – 2023” දත්ත සමීක්ෂණ අනුව අනාවරණය විය.
වි මෙට්‍රික් ටොන් 5000ක ධරිතාවයකින් යුතු වල් වැදී ඇති සතොස වී ගබඩා සංකීර්ණය, ඉදිරි මහා කන්නයේ අස්වනු මිලද දී ගෙන ගබඩා කිරීම සඳහා කඩිනමින් නවීකරණය කර පිළිසකර කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස වෙළඳ වාණිජ සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
අද දින (30) සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජාත්‍යන්තර සංක්‍රමණික දිනයට සමගාමීව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් යාපනය දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය හා පාසල් උපකරණ ලබාදීම ඊයේ(28)යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.