All Stories

දවසේ කාලගුණය 

අද දින (30) සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දවසේ කාලගුණය 

යාපනයේ රටවිරු ප්‍රජාව වෙනුවෙන් සුබසාධන සේවාවන් රැසක් -ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ජාත්‍යන්තර සංක්‍රමණික දිනයට සමගාමීව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් යාපනය දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය හා පාසල් උපකරණ ලබාදීම ඊයේ(28)යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

යාපනයේ රටවිරු ප්‍රජාව වෙනුවෙන් සුබසාධන සේවාවන් රැසක් -ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ශ්‍රී ලංකා පදනම් ආයතනය රජයේ මඟ පෙන්වන ආයතනයක් බවට පත්විය යුතුයි - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

ගෞරවනීය ශ්‍රී ලංකික රාජ්‍යයේ පදනම සැළසුම් කරන, මෙහෙවරට, දැක්මට මග පෙන්වන බුද්ධිමය සම්පත් උත්පාදනය කරන, දේශපාලනඥයාට නිවැරදි මඟ පෙන්වන ආයතනයක් බවට ශ්‍රී ලංකා පදනම් ආයතනය පත්විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ශ්‍රී ලංකා පදනම් ආයතනය රජයේ මඟ පෙන්වන ආයතනයක් බවට පත්විය යුතුයි - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

දවසේ කාලගුණය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (29) වැසි වාර  කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දවසේ කාලගුණය

මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ හා රේගු පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම සඳහා ජනපති ගෙන් බලධාරීන්ට උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී අද (28) පැවැත්විණි. 

මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ හා රේගු පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම සඳහා ජනපති ගෙන් බලධාරීන්ට උපදෙස්

රජයේ අරමුණ දේශීය සහ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීමට සූදානම් පුහුණු ශ්‍රම බලකායක් ගොඩනැගීමයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - 

රජයේ සංවර්ධන දැක්ම අනුව රටට අවශ්‍ය වන්නේ දේශීය සහ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීමට සූදානම් පුහුණු ශ්‍රම බලකායක් ගොඩනැගීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 

රජයේ අරමුණ දේශීය සහ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීමට සූදානම් පුහුණු ශ්‍රම බලකායක් ගොඩනැගීමයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - 

සීගිරියේ සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට කොරියාවෙන් විශේෂ ව්‍යාපෘතියක්

ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති බව මාතලේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මීට අදාළ සාකච්ඡාවක් ඊයේ (27) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේ දී පැවැත්විණි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිතව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධීක්ෂණය මත යෝජිත මෙම ව්‍යාපෘතිය මඟින් සීගිරි පර්වතයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම, විකල්ප ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීම හා  සීගිරි කෞතුකාගාරය, ආපන ශාලාව සහ ප්‍රවේශ පත්‍ර කවුළුව ආදිය සංවර්ධනය කිරීම යනාදී වශයෙන් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

සමස්ත වටිනාකම රුපියල් බිලියන 2.4 ක්  වන මෙම ව්‍යාපෘතිය සඳහා  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට ද යෝජනා  වී තිබේ.

මේ සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) නියෝජනය කර එහි දේශීය අධ්‍යක්ෂ යුන්ග්ජින් කිම් (Myungjin Kim), නියෝජ්‍ය දේශීය අධ්‍යක්ෂ යොන්ග් වන් කිම් (Yong Whan Kim) අමාත්‍යංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු,  මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ, බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් අනිල් අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වූහ.

(අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති මූලාශ්‍ර ඇසුරිනි)

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතලේ

සීගිරියේ සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට කොරියාවෙන් විශේෂ ව්‍යාපෘතියක්

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

මෝල්ටාව සහ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 25 වැනි සංවත්සරයට ළඟා වෙයි

නවදිල්ලි නුවර පිහිටි මොල්ටාවේ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව පිලිබඳ මහකොමසාරිස් Reuben Gauci මහතා අද (27) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මෝල්ටාව සහ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 25 වැනි සංවත්සරයට ළඟා වෙයි

භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම ලබාදීම රජයේ අරමුණයි -අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය

කිසිදු ‌භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම ලබාදීම රජයේ අරමුණයි   -අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් ජනපති ශෝකය පළ කරයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ටුවිටර් පණිවිඩයක් යොමු කර තිබේ.

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් ජනපති ශෝකය පළ කරයි

නෙවිල් ප්‍රනාන්දු රෝහල නව්‍යකරණයට නව සැලැස්මක්

ප්‍රධාන ධාරාවන් කිහිපයක් පිළිබදව අවධානය යොමු කර සුදුසුම සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කරමින් මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනානදු රෝහල රටට අතිශය ඵලදායී රෝහලක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

නෙවිල් ප්‍රනාන්දු රෝහල නව්‍යකරණයට නව සැලැස්මක්
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.