බුද්ධශාසන සභාවේ සිව්වැනි රැස්වීම ඊයේ (10) පස්වරුවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම රැස්වීම මහා විහාරවංශික ස්‍යමොපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ මූලිකත්වයෙන් හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රැස්වීමේදී ජාතික වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ දැනුවත් කිරීම, “දිට්වා” සුළිකුණාටුවෙන් හානියට පත් විහාරස්ථාන නැවත නගාසිටුවීමේ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම, “යතිවර නිවහන” වැඩසටහන සම්බන්ධ කරුණු විමසීම සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය සම්පාදනය කිරීමේ ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.
එමෙන්ම බුද්ධ ශාසනය හා සම්බන්ධ වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.


