විදුලි සේවකයින්ගේ ඉල්ලීම් 62කට අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ වෙයි

විදුලි සේවකයින්ගේ ඉල්ලීම් 62කට අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ වෙයි
  • SocialShare:

ලංකා විදුලි බල මණ්ඩලයට අදාළ ප්‍රධාන සමාගම් 04හි අධ්‍යක්ෂක මණ්ඩල සමග වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ඉල්ලීම් 64න් ඉල්ලීම් 62ක් ලබාදීමට අධ්‍යක්ෂක මණ්ඩල එකඟ වීඇතැයි එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම ජනතාව අපහසුතාවයට පත්වෙන වැඩවර්ජනය අවසන් කොටසේවයට වාර්තා කරන ලෙස වෘත්තීය සමිතිවලින් එම සමාගම්වල සභාපතිවරුන් 04 දෙනා ඉල්ලා ඇති අතර එලෙස සේවය වාර්තා කරන්නේ නම් ඉතිරි ඉල්ලීම් 02 සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමටද එකඟ වී තිබේ.