ජනමාධ්‍යවේදීන් සහ කලාකරුවන් සදහා ඉදිවන කොට්ටාව නව මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීමට් කටයුතු වසර දෙකකින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ(10) එම මහල් නිවාස සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිණි.
මහල් 7 කින් සමන්විතව ඉදිකරනු ලබන මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක ගණන 108 කි. ඉදිකිරීම් පිරිවැය රුපියල් මිලියන 1,500 කි. නවීන පහසුකම්වලින් සහ මධ්‍යම ගෑස් පද්ධතියකින් සමන්විත වේ.


