පරිසර අමාත්‍යංශයේ නව ගමන් මග සඳහා පර්යේෂකයන්ගේ සහය

පරිසර අමාත්‍යංශයේ නව ගමන් මග සඳහා පර්යේෂකයන්ගේ සහය
  • SocialShare:

පාරිසරික සංරක්ෂණ ක්‍රියාවලිය සහ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය වඩාත් විද්‍යාත්මක පදනමක පිහිටුවීමට පරිසර විෂය පිළිබඳ පර්යේෂකයන්ගේ දායකත්වය ලබා ගැනීමේ සාකච්ඡාවක් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍ය උපදේශක ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (10) පැවැත්විණි.

මෙරට පාරිසරික අභියෝග ජයගැනීම සඳහා දත්ත මත පදනම් වූ ප්‍රවේශයක ඇති වැදගත්කම එහිදී සාකච්ඡා කෙරිණි.

දේශගුණික විපර්යාස හමුවේ තිරසර විසඳුම් සෙවීම, ජෛව විවිධත්වය සුරැකීම සහ සම්පත් කළමනාකරණය සඳහා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ විද්වතුන් සහ පර්යේෂකයන් සතු තාක්ෂණික දැනුම අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය තීන්දු සමඟ බද්ධ කිරීමට මෙහිදී එකඟතාව පළ විය.

මෙම නව යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාවේ පාරිසරික පැවැත්ම තහවුරු කරන විද්‍යාත්මක සහ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව වේ.

මෙම සාකච්ඡාව සදහා මහාචාර්ය යසාංජලී ජයතිලක, මහාචාර්ය සුනේත්‍රා තෙන්නකෝන්, ආචාර්ය දිනිදු දේවපුර, ආචාර්ය සමන්ත ගුණසේකර, ආචාර්ය හිමේෂ් ජයසිංහ, සත්ව විද්‍යාඥ සුරංජන් කරුණානායක,සත්ව විද්‍යාඥ රොහාන් පෙතියාගොඩ, ශාක විද්‍යාඥ ඉන්දික පෑබොටුවගේ යන මහත්ම මහත්මීන් සහභාගි විය.