අනතුරට පත් ඉරාන නෞකාව සම්බන්ධයෙන් මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස ශ්‍රී කටයුතු කළා - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

අනතුරට පත් ඉරාන නෞකාව සම්බන්ධයෙන් මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස ශ්‍රී කටයුතු කළා - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක
  • SocialShare:

අනතුරට පත් ඉරාන නෞකාවේ සිටි නාවික පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකාව මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර සාගර නීති සහ ප්‍රඥප්තිවලට අනුකූලව සිදු කළ බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එම අනතුරින් දිවි ගලවා ගත් පුද්ගලයන් 32 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා භාරයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම අනතුරෙන් පුද්ගලයන් 84 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන් කළේය.

එසේම දෙවන නෞකාවේ සිටි පුද්ගලයන් 206 දෙනෙකුද මේ වන විට නාවික හමුදා භාරයේ පසුවන අතර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම පළමු නාවික අනතුර සිදුව ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් කලාපයේ නොව අනන්‍ය ආර්ථික කලාපයේ බවද ඔහු අවධාරණය කළේය.