දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් රුපියල් ලක්ෂ 10ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් රුපියල් ලක්ෂ 10ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.
විස්තීරණ ආපදා සහන කටයුතු වල නිරත රජයේ නිලධාරීන්ගේ දීමනා 100% කින් ඉහළ නැංවීමට අදාළ චක්‍රලේඛයක් නිකුත් කෙරේ.
ගුරු සහ විදුහල්පති සේවාවන්හි පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇති බවත්, වෘත්තීය සමිති සමඟ පවත්වන ලද දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ තාක්ෂණික මධ්‍යස්ථාන, හරිත යටිතල පහසුකම් සහ කොළඹ වරාය නගරය ආශ්‍රිතව පවතින ආයෝජන අවස්ථා ගවේෂණය කරන ලෙස මෝල්ටා ආයෝජකයින්ට විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ආරාධනා කළ බව විදේශ අමාත්‍යංශය පවසයි.
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 2026/ 2027 අධ්‍යයන වර්ෂය සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිණිස අයදුම් පත්‍ර කැඳවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
සාම විනිසුරු පත්වීම් තවදුරටත් දේශපාලනිකව ලබා නොදෙන බවත් ඔවුන් පත් කිරීම සහ පුහුණු කිරීම වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
පාරිසරික ගැටලු සඳහා ජාතික පාරිසරික පනත සහ අනෙකුත් පනත් සංශෝධනය ඔස්සේ, ඉදිරියේදී විසඳුම් ලබා දීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීමට විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
“රටම එකට ජාතික මෙහෙයුම”ට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ජනතා දැනුවත් කිරීමේ වැඩසටහන් ඊයේ දිනයේදීත් දිවයින පුරා පැවැත්වුණි.
මෙම මැදපෙරදිග ගැටුමේදී සහ ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී අපේ ස්ථාවරය සහ මධ්‍යස්ථභාවය වන්නේ අපේ භූමිය, මුහුදු කලාපය, ගුවන් කලාපය කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාති ආකාරයෙන් හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙන දෙන ආකාරයෙන් කටයුතු කිරීමට ඉඩ නොතැබීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉරානයට අයත් ‘IRIS Bushehr’ නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පවතින යුදමය වාතාවරණය යටතේ ඉන්දියන් සාගරයේ ධීවර රැකියාවේ නිරත මෙරට කිසිදු ධීවර යාත්‍රාවකට මෙතෙක් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සුසන්ත කහවත්ත මහතා තහවුරු කරයි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.