සාම විනිසුරු පත්වීම් තවදුරටත් දේශපාලනිකව ලබා නොදෙන බවත් ඔවුන් පත් කිරීම සහ පුහුණු කිරීම වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (5) පාර්ලිමේන්තුවෙදී විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
2013 වර්ෂයේ සිට මේ දක්වා සාමදාන විනිශ්චයකාරවරුන් 66,315 ක් පත් කර ඇති බවත් එක් එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ජනගහන ඝනත්වය හා භූවිෂමතාවය පදනම්ව එක් එක් කොට්ඨාසය සඳහා නිශ්චිත සාමදාන විනිශ්චයකාරවරුන් සංඛ්‍යාවක් (200:1 අනුපාතයට) නිර්ණය කිරීම 2025 වර්ෂයේ සිට සිදුකළ බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
ඒ අනුව පුරප්පාඩු වූ සාමදාන විනිශ්චයකාර පත්වීම් 40,000 ක පමණ ප්‍රමාණයක් ලබා දිය හැකි බැවින් මසකට පත්වීම් 500-750ත් අතර ප්‍රමාණයක් ලබා දීම 2025 ජූනි මස සිට ආරම්භ කළ බවද හෙතෙම පෙන්වා දුන්නේය.
තවද සාමදාන විනිශ්චයකාර සේවය විධිමත් සහ ප්‍රමිතිගත කිරීමේ අරමුණින් ඒ සඳහා ඉල්ලුමකරුවන් අනිවාර්යයයෙන් සපුරාලිය යුතු මූලික සුදුසුකම් පිළිබඳව 2025 වර්ෂයේදී හඳුන්වා දීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම සාම විනිසුරුවරුන් වරදක් කළ හොත් පැමිණිලි කිරීමට වට්ස්ඇප් අංකයක්, Email ලිපිනයක්, දුරකථන අංකයක් සකස් කර තිබෙන අතර දත්ත පද්ධතියක් කඩිනමින් සකස් කරන බවද හෙතෙම කීය.
සාම විනිසුරු තනතුර ගෞරවණිය තනතුරක් මෙන්ම වගකීම් සහගත තනතුරක් විය යුතු ව පෙන්වා දෙන අමාත්‍යවරයා සාමවිනිසුරුවරයකුගේ වයස අවුරුදු 75කට නොවැඩි විය යුතු බවට තීරණය කෙරුනේ කමිටුවකින් බවත් වයස සංශෝධනයට ඉල්ලීමක් කරන්නේ නම් එය කමිටුවට නැවත ඉදිරිපත් කළ හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


