මෝල්ටා ආයෝජකයන්ට මෙරට ආයෝජන අවස්ථා ගවේෂණයට විදෙස් ඇමතිගෙන් ඇරයුම්

මෝල්ටා ආයෝජකයන්ට මෙරට ආයෝජන අවස්ථා ගවේෂණයට විදෙස් ඇමතිගෙන් ඇරයුම්
  • SocialShare:

ශ්‍රී ලංකාවේ තාක්ෂණික මධ්‍යස්ථාන, හරිත යටිතල පහසුකම් සහ කොළඹ වරාය නගරය ආශ්‍රිතව පවතින ආයෝජන අවස්ථා ගවේෂණය කරන ලෙස මෝල්ටා ආයෝජකයින්ට විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ආරාධනා කළ බව විදේශ අමාත්‍යංශය පවසයි.

නව දිල්ලියේ පැවැත්වෙන රයිසිනා සංවාදයට (Raisina Dialogue) සමගාමීව , මෝල්ටාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ඉයන් බෝර්ග් මහතා හමුවූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පවසා ඇත.
එහිදී සාගර සහයෝගීතාව, සංචාරක ව්‍යාපාරය, වීසා පහසුකම් සැලසීම සහ ද්විපාර්ශ්වික උපදේශන ආරම්භ කිරීම පිළිබඳව ද දෙරටේ විදේශ අමාත්‍යවරුන් සාකච්ඡා පවත්වා තිබේ.
එසේම ශ්‍රී ලංකාව සහ මෝල්ටාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන කැපවීම මෙහිදී තහවුරු කළ බව විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.