අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය අද ( 9) කළුතර බෝධිය අභියසදී

අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය අද ( 9) කළුතර බෝධිය අභියසදී
  • SocialShare:

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්ම රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (09)  පස්වරු 3.00ට කළුතර බෝධිය අභියසදී පැවැත්වේ.

මෙම උපසම්පදා මහෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට සැලසුම් කර ඇත.

උපසම්පදා විනය කර්ම මහෝත්සවය ජූලි 9 සිට 22 දක්වා කළුතර කළු ගඟේ ස්ථාපිත උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙන අතර, සාමණේර හිමිවරුන් 400කට අධික පිරිසක් ඊට සහභාගි වීමට නියමිතය.

වසර තුනකට වරක් පැවැත්වීමට නියමිත මෙම රාජ්‍ය උපසම්පදා විනය කර්මය මෙවර පැවැත්වෙන්නේ වසර නවයකට පසුව වීම විශේෂත්වයකි.

ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ පෞද්ගලික ආයතන රැසක සහාය ඇතිව මෙම මහෝත්සවය සංවිධානය කෙරෙන අතර, සැදැහැති බෞද්ධ ජනතාවට ඊට සහභාගි විය හැක.