දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් රුපියල් ලක්ෂ 10ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.
ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝ වෙසෙන ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරමින් පාලිත රාජපක්ෂ මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා වෙත ඊයේ (05) භාර දෙන ලදී.


