All Stories

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිතවරයා අතර හමුවක්

සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා (Mr. Kunle Adeniyi) අතර විශේෂ හමුවක් පසුගියදා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ දී පැවැත්විණි.
සෞඛ්‍ය අමාත්‍යවරයා සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිතවරයා අතර හමුවක්

ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ දේශීය අධ්‍යක්ෂ Takafumi Kadono මහතා අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය.

ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් අගමැතිනිය හමුවෙයි

පිරිවෙන් සාමන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමයට

2025 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත "පි‍රිවෙන් සාමාන්‍ය පෙළ විභාගය - 2024 (2025)" සඳහා මාර්ගතව අයදුම්පත් කැඳවනු ලබන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පිරිවෙන් සාමන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමයට

කොලොන්නාවේ ගංවතුර ගැටලුවට ලබන වසරේ ස්ථිරසාර විසඳුමක්

මින් පෙර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ දේශපාලන බලපෑම් වත්මන් රජය යටතේ සිදුනොවන බැවින් ගංවතුර පාලනය කිරීම සඳහා වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඊට අවශ්‍ය නිසි පියවර ගැනීමට නිලධාරීන්ට අවකාශය ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර පැවසීය.

කොලොන්නාවේ ගංවතුර ගැටලුවට ලබන වසරේ ස්ථිරසාර විසඳුමක්

නාවික හමුදාවෙන් ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කො‍ට්ඨාසයේ රන්පත්විල මහ විදුහලෙහි ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.

නාවික හමුදාවෙන් ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එහා ගිය පුළුල් පරිවර්ථනයක් සිදු කිරීම අවශ්‍යයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එහා ගිය පුළුල් පරිවර්ථනයක් ජනතාව ඉල්ලා සිටින බවත්, පාසල් අතර පවතින  පරතරය නැති කළ යුතු අතර පෞද්ගලික උපාධි ආයතන නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්  අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එහා ගිය පුළුල් පරිවර්ථනයක් සිදු කිරීම අවශ්‍යයි

ජනපතිගේ ඉන්දියානු සංචාරය දෙරට අතර ඇති සබඳතා නව අදියරකට ඔසවා තැබූවා

Expired

ජනපතිගේ ඉන්දියානු සංචාරය මෙතෙක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇති සබඳතා නව අදියරකට ඔසවා තැබූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ අද (20) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාකදී ඔහු මේ බව පවසා සිටියේය.



මෙරට රාජ්‍ය නායකයෙකුට ලබා දිය හැකි උපරිම ගෞරවය ඉන්දියානු රජය ලබාදුන් බවද සඳහන් කළේය.

රටට සහ රටේ ජනතාවට එම ගෞරවය හිමි වෙනවා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් සමග සාකච්ඡා පැවැත් වූ බවත්, එමගින් ආර්ථික දේශපාලන සංස්කෘතික සහ සමාජ ආරක්ෂණමය බැඳීම් තවදුරටත් තහවුරු වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙරට බලශක්ති ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර රැසක වර්ධනය සඳහා සහාය ලබාදීම පිළිබඳ ද සාකච්ඡාවට ලක් වූ බව අමාත්‍යවරයා පැවසීය.

විශේෂයෙන්ම  දකුණු ඉන්දියානු ධීවරයින් මෙරට මුහුදු සීමාවේ සිදුකරන අනවසර ධීවර කටයුතු සම්බන්ධයෙන්ද මෙම සංචාරයේදී විශේෂයෙන් සාකච්ඡා වීතිබේ. දීර්ඝ කාලයක් තිස්සේ මුහුණදෙන මෙම ගැටලුව සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දීමට කඩිනමින් මැදිහත් වීමට දෙපාර්ශවයම එකඟ වී තිබේ. 

ඉන්දියානු ණය යෝජනා යටතේ ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘති තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට තවදුරටත්  ඒ සඳහා සහාය ලබා දීමට එකඟ වී තිබේ. 

ඉන්දීය රජයේ ණය ආධාර මත ඉදිකරන මහව ඔිමන්ත දුම්රිය මාර්ගය  ණයක් නොව ඉන්දීය රජයේ ප්‍රදානයක් බවට පත්කිරීම ද මෙම සංචාරයේදී ලැබූ විශාල ජයග්‍රහණයක් බව විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉන්දියානු මහාබෝධී සමාගමට ලැබෙන විදේශ ආධාර ලබා ගැනීමට  මෙතෙක් පැවති නීතිමය බාධා ඉවත් කිරීමට සහ එම ගැටලු විසඳීමට ද එකග වී තිබේ.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාව ලබා දුන් සහ ලබා දෙන සහයෝගයට  ශ්‍රී ලංකා රජය සිය ස්තූතිය ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාවේ තෙල් නළයක් ලංකාවට එළීමේ එකඟතාවකට පැමිණි බවට ප්‍රවෘත්ති නිර්මාණය කිරීම සාවද්‍ය බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජනපතිගේ ඉන්දියානු සංචාරය දෙරට අතර ඇති සබඳතා නව අදියරකට ඔසවා තැබූවා
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.