“කාන්තාවෝ ද මනුෂ්‍යයෝය ය” යන දැක්ම සමාජය තුළ ස්ථාපිත කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය සඳහන් කරයි.
සියවසකට අධික කාලයක් මුළුල්ලේ ලොව පුරා සෑම වසරකම මාර්තු 08 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අතර, ශ්‍රී ලංකාව තුළ ආර්ථික, දේශපාලන, සමාජීය සහ සංස්කෘතික ක්ෂේත්රයන්හි කාන්තාවන්ගේ භූමිකාව සුවිශේෂී බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. ‘පොහොසත් රටක අභිමන - ඇය වෙයි දැයක පෙරමග’ යන්න මෙවර කාන්තා දින තේමාව වේ.
දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක ඇතිවිය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මැදපෙරදිග යුදමය තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සහ ආහාර සුරක්ෂිතතාවට සිදු විය හැකි බලපෑම කළමනාකරණය කර ගැනීමට ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි
භික්ෂු අධ්‍යාපනය වැඩිදියුණු කිරීම මගින් හුදෙක් උපාධිධාරීන් බිහිකිරීමෙන් ඔබ්බට ගොස් සමාජ සාධාරණත්වය හා මානව හිතවාදය වෙනුවෙන් පෙනීසිටින, ධර්මධර,විනයධර, ශ්‍රාස්ත්‍රිය දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් ති ටෑම් (Trinh Thi Tam) මහත්මිය අතර විශේෂ නිල හමුවක් ඊයේ දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන්වූ බටහිර මුහුදේ යාත්‍රාකරමින් තිබූ ජපාන ස්වයං ආරක්ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF ONAMI” නෞකාවේ, වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍යව සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත්, ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට ඊයේ (06) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ලංකා ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් සහ ඉදිරි සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී ජනතාවට සහන මිලට මත්ස්‍ය නිෂ්පාදන ලබාදීම ඉලක්ක කර ගනිමින් විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) දින ධීවර සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය - 2026 මාර්තු 10 වන දින ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සැළසුම් කර ඇත.
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය සමරමින් පැවැත්වෙන ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ ආරම්භ කෙරිණි.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රුපියල් 582,786.18 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.


