ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි
  • SocialShare:

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. ‘පොහොසත් රටක අභිමන  - ඇය වෙයි දැයක පෙරමග’ යන්න මෙවර කාන්තා දින තේමාව වේ.

කාන්තා දින ජාතික සැමරුම් උළෙල දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත අතර, ඒ අනුව ඊයේ(07) සහ  අද යන දෙදින පුරා ලිය ශක්ති” කාන්තා ව්‍යවසායක අලෙවි පොළ මාතර වෙරළ උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වේ. මෙම අලෙවි පොළට කාන්තා ව්‍යවසායිකාවන් 200 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිතය.

ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ රබින්ද්‍රනාත් තාගෝර් ශාලාවේදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයට අනුබද්ධිත කාන්තා සංවිධාන සාමාජිකාවන් 1500 ක පමණ  මෙම වැඩසටහනට සහභාගීවීමට නියමිතය.