අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක්

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක්
  • SocialShare:

දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක ඇතිවිය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම උතුරු, උතුරු–මැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇති බව ද සඳහන් වේ.