රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගිය 12 වනදා පැවැත්විණි.

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගිය 12 වනදා පැවැත්විණි.
රටේ මත්ද්‍රව්‍ය ගැටලුවට විසඳුම් සෙවීම තවත් එක් වැඩසටහනකට පමණක් සීමා නොවී ජාතික ප්‍රමුඛතාවක් ලෙස බිම් මට්ටමේ සිට ප්‍රතිඵල ළඟා කර ගැනීමට කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.
මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සිසු හෙද පුහුණුව සඳහා අයදුම්කරුවන් 2918 දෙනෙකු බදවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරු 10.00 ට අරලියගහ මන්දිර ප්‍රධාන ශාලාවේ දී සිදු කිරීමට නියමිතය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
2026 වසරේ පැවැත්වෙන හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය පිළිබඳව මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය මහා විහාර පාර්ශවීය අතිපූජ්‍ය මහානායක හා අනුනායක ස්වාමින් වහන්සේලා බැහැදැක උන්වහන්සේලාට ආරාධනා කිරීමටත් අනුශාසනා ලබාගැනීමටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (13) කටයුතු කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සිටි සියලු සේවකයන්ගේ ගැටලුවලට හැකි ඉක්මණින් විසඳුම් ලබා දීම රජයේ අපේක්ෂාව බවත්, එතෙක් සියලු පාර්ශ්වයන් මනා අවබෝධයෙන් කටයුතු කරමින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට රජයට සහාය ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර අතර සුවිශේෂී ස්ථානයක් හිමි හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය සාම්ප්‍රදායිකව මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික නාථ දේවාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
භාෂාමය උරුමයන් සුරක්ෂිත කිරීම සංස්කෘතික වගකීමක් පමණක් නොව, එය ලෝකයේ පවතින විවිධත්වය රැකගැනීම සඳහා වූ පොදු කැපවීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.
බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට පත් කළ ආර්ථික අවේක්ෂණ කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.
පළමු අදියරේදී අප්‍රේල් මස සිට මෙට්‍රෝ බස් රථ 10ක් ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් ධාවනයට සූදානම් බව ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රි ලංකා) එස්.පි.සී සුගීෂ්වර මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ දැවැන්ත පරිසර ගැටලුවක් බවට පත්ව ඇති 2D පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන සහ නිෂ්පාදකයින් ඒකාබද්ධ වන විස්තීරණ නිෂ්පාදක වගකීම් (Extended Producer Responsibility - EPR) සහ නැවත එකතු කිරීමේ (Collect-back) උපායමාර්ගික ආකෘතිය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (11) කොළඹ ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිදුකළ වැටලීම් මගින් අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් කළ හෙරොයින් කිලෝග්‍රෑම් 40 ග්‍රෑම් 539 ක්, කැතීන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 132 ග්‍රෑම් 79 ක්, කොකේන් ග්‍රෑම් 55 ක් හා මත්පෙති 3482 ක් දවා විනාශ කිරීම සඳහා 2026.03.13 ක් දවා වන දින උදෑසන ගරු කොළඹ මහාධිකරණයේ සිට පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කරන ලදී.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.