අප්‍රේල් මස සිට මෙට්‍රෝ බස් රථ 10ක් ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රමුඛත්වය දෙමින් ධාවනයට සූදානම්

අප්‍රේල් මස සිට මෙට්‍රෝ බස් රථ 10ක් ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රමුඛත්වය දෙමින් ධාවනයට සූදානම්
  • SocialShare:

පළමු අදියරේදී අප්‍රේල් මස සිට  මෙට්‍රෝ බස් රථ 10ක් ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් ධාවනයට සූදානම් බව ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රි ලංකා) එස්.පි.සී සුගීෂ්වර මහතා පවසයි.

අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව පැවසීය.

මෙම බස් රථ සේවාව ප්‍රවාහන , මහාමාර්ග අමාත්‍යංශය එක්ව ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් ආරම්භ කර ඇත.

මෙම විශේෂ බස් රථවල අබාධ සහිත ප්‍රජාවට ප්‍රමුඛත්වය දෙමින් සාමාන්‍ය ජනතාවටද ගමන් කළ හැකි බව එස්.පි.සී සුගීෂ්වර මහතා සඳහන් කළේය.

අබාධ සහත පුද්ගලයෙකුට ඔනෑම බස් නැවතුම් පළකින් මෙම බස් රථවලට ගොඩ විය හැකි බවද පැවසීය.

මෙම බස්රථවලට ගොඩවන ඔනෑම මඟියෙකුට සැළකිය යුතු අකාරය , අචාරධර්මවලට  අනුකූලව හැසිරිය යුතු ආකාරය පිළිබඳව රියදුරන් සහ කොන්දොස්තරවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇත.

මෙම ක්‍රමවේදය මඟින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් ඇති කිරීමටත්, මඟි බස්රථ සේවාවේ සංකල්පිය වෙනසක් සිදු කිරීමටත් හැකිවන බවද ඔහු පෙන්වා දුන්නේය.

කෙටි කාලයක් තුළදී ශ්‍රි ලංකාවේ මඟි ප්‍රවාහනය ඉහළ තලයකට ගෙන යමින් ක්ලින් ශ්‍රි ලංකා අරමුණු සාක්ෂාත් කර ගැනීමට කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කළේය.