All Stories

ජංගම දුරකතනවල මිල වැඩි වන්නේ නැහැ

1991 අංක 25 දරන විදුලි සංදේශ පනතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලැබී ඇති බලතල අනුව සේවා දායක සමාගම් වෙනුවෙන් අනුමත කර දී ඇති කිසිඳු දුරකථන පැකේජයක මිල ගණන් ඉහළ දැමීමට කිසිඳු සමාගමකට අවසර දී නොමැති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා අවධාරණය කරයි.

ජංගම දුරකතනවල මිල වැඩි වන්නේ නැහැ

සෞඛ්‍ය වෘත්තිකයාගේ වෘත්තීය තෘප්තිමත්භාවයෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දිය හැකියි - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස 

සෞඛ්‍ය වෘත්තිකයාගේ වෘත්තීය තෘප්තිමත්භාවයෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායි ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

සෞඛ්‍ය වෘත්තිකයාගේ වෘත්තීය තෘප්තිමත්භාවයෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දිය හැකියි - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස 

අපනයන හා ආනයන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට පියවර

දේශීය අපනයනකරුවන් සඳහා සහ දේශීය කර්මාන්තවලට‍ අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනකරුවන් වෙත අවශ්‍ය සේවා සම්බන්ධයෙන් කාර්යක්ෂම ආකාරයෙන් පහසුකම් සැලසීම සහතික කිරීම පිණිස, රජය විසින් ජාතික තනි කවුළු (Single Window) පහසුකමෙහි වැදගත්කම හඳුනාගෙන තිබේ.

අපනයන හා ආනයන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට පියවර

පොහොර සහනාධාරය නිවැරදිව ගොවි ගිණුම් වෙත බැර කර තිබෙනවා -ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ

පොරොන්දු වූ පරිදි පොහොර සහනාධාරය නිවැරදිව ගොවීන්ගේ ගිණුම් වෙත බැර කර තිබෙන බවත්, දිස්ත්‍රික්ක 25 සඳහාම 95%ක පමණ මුදල් ප්‍රමාණයක් නිදහස් කර ඇතැයි , ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. 2024  වර්ෂයේ මහ කන්නයට අදාළ පොහොර සහනාධාරය ලබා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයා  මේ බව පැවසීය.

පොහොර සහනාධාරය නිවැරදිව  ගොවි ගිණුම් වෙත බැර කර තිබෙනවා -ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ

ඉදිරියේ දී රතු සහල් හිඟ වීමට හේතුවක් නැහැ - වෙළෙඳ ඇමැති

2025 වසරේ දී හෙක්ටයාර 161,067ක් රතු වී සඳහා වගා කර ඇති අත‍ර 2025 මහා කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් 648,216ක් පමණ වනු ඇති බවත්, එහි සාමාන්‍ය අගය ලෙස වී අස්වැන්න හෙක්ටයාරයකට කිලෝ 4,000ක් වනු ඇති බවත් ඒ අනුව, 2025 වසරට රතු සහල් හිඟය වීමට හේතුවක් නොමැති බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

වෙළඳපොළේ පවතින රතු සහල් හිඟය පිළිබඳව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය වසර තුළ යල සහ මහා කන්න වගා කිරීම හෙක්ටයාර 277,315 ක් රතු වී වගා කිරීමට යොදා ගෙන තිබෙන අතර එමඟින් වී මෙට්‍රික් ටොන් මිලියන 1.1ක් අස්වැන්න ලැබී තිබෙන බවත්, හෙතෙම මෙහි දී සඳහන් කළේය.

විශේෂයෙන් රතු සහල් වගා කිරීම සිදුකරන්නේ මාතර, ගාල්ල, හම්බන්තොට යන දකුණු පළාත් ප්‍රදේශ වල සහ නැගෙනහිර පළාත තුළ වේ.

රතු සහල් වගා කරන ප්‍රදේශවල වී මෝල් ගබඩා ආදිය පිළිබඳ සමීක්ෂණයක් සිදු කළ බව  සඳහන් කළ අමාත්‍යවරයා පසුගිය කාලයේ සිටි ආණ්ඩු විසින් සිදු කළ අමනොඥ ක්‍රියාවන් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත් සඳහන් කළේය.

ඉන්දියාවේ ද රතු සහල් මිල වැඩිවීමක් තිබෙන බවත්, ඉන්දියාවෙන් රතු සහල් ගෙන්වීමේ දී නැව් ගාස්තු රහිතව රතු සහල් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 600ක් පමණ වන බවත්, නමුත් ආණ්ඩුව වශයෙන් ඉන්දියාව සමඟත් සාකච්ඡා කර රතු සහල් මෙට්‍රික් ටොන් 7,500ක් ආනයනය කිරීමට අදාළ ටෙන්ඩර් කැඳවීම ද STC ආයතනය හරහා සිදු කර තිබෙන බවත්, ඒ සඳහා සැපයුම්කරුවන් සොයාගැනීම සඳහා ඉන්දියානු තානාපති කාර්යාලය ද මැදිහත්වීම සිදු කර තිබෙන බවත්, අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

ඉදිරියේ දී රතු සහල් හිඟ වීමට හේතුවක් නැහැ - වෙළෙඳ ඇමැති

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. 100ක පමණ තද වැසි ඇතිවිය හැක.

අද කාලගුණය

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට චීන ජනපති ෂී ජින් පිං හමු වෙයි

චීනයේ සිව් දින රාජ්ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමුවීමට නියමිතය
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට චීන ජනපති ෂී ජින් පිං  හමු වෙයි

අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී තෛපොංගල් දිනය සැමරේ.

අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 14 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී තෛපොංගල් දිනය සැමරේ.

වැඩ බලන අමාත්‍යවරු 05ක් පත්කෙරේ

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

වැඩ බලන අමාත්‍යවරු 05ක් පත්කෙරේ

ජනපතිගේ තෛපොංගල් සුබපැතුම් පණිවිඩය

“අස්වනු නෙලීමේ උත්සවය” යන අරුත් ඇති තෛපොංගල් උත්සවය ලොව වැසි සියලුම දෙමළ හා හින්දු ජනතාව මහත් භක්ති පූර්වකව සමරන්නකි. සශ්‍රීක වූ අස්වැන්නකට දායක වන සූර්යයා, මිහිකත, වර්ෂාව සහ ගව-මහීෂාදීන් වෙත ස්තූති කරමින් කෘතගුණ දැක්වීම මෙදින කාර්‍යයයි.

ජනපතිගේ තෛපොංගල් සුබපැතුම් පණිවිඩය
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.