ඩිජිටල් ආර්ථිකයක් සහ සුහුුුරු සංචාරක ව්‍යාපාරයක් සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති හැරවුම සමග සමපාත වන කාලෝචිත මුලපිරීමක් ලෙස LilyLanka පෙන්වා දිය හැකි බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) කොළඹ පැවති LilyLanka වේදිකාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ගෝලීය සංචාරක ව්‍යාපාරය සැකසී ඇත්තේ සංචාරකයින් ගමනාන්ත සොයා ගන්නා ආකාරය සහ වෙන්කරවා ගන්නා ආකාරය කෙරෙහි බලපාන ඩිජිටල් වේදිකා මත බව පවසන අමාත්‍යවරයා රට තුළ සංචාරක ආදායමෙන් වැඩි කොටසක් රඳවා ගැනීමට ද මෙය උපකාරී වනු ඇති බව සඳහන් කළේය.
රජය සහ කර්මාන්ත අතර ශක්තිමත් සහයෝගීතාවයක් තිරසාර වර්ධනයක් සඳහා අත්‍යවශ්‍ය බව අවධාරණය කළ අමාත්‍යවරයා හෝටල්, සංචාරක ක්‍රියාකරුවන් සහ සංචාරක ආයතනවලින් මෙම වේදිකාවට ක්‍රියාකාරීව සහාය වන ලෙස ද ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාව ගෝලීය ගමනාන්තයක් ලෙස වඩා හොඳින් සැලසුම් කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික රාමුවක් තුළ සංචාරක දත්ත කළමනාකරණය කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.


