සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර අතර සුවිශේෂී ස්ථානයක් හිමි හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය සාම්ප්‍රදායිකව මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික නාථ දේවාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම ජාතික උත්සවය මල්වතු සහ අස්ගිරි උභය පාර්ශවීය අතිපූජනීය මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සහ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් නියමිත සුබ නැකතට අනුව පැවැත්වීම සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී ආරාධනා පත්‍ර සැකසීම හා බෙදාහැරීම, නානු සැකසීම, පුවත්පත් අතිරේකය සකස් කිරීම, සජීවී ප්‍රචාරණ කටයුතු, ආරක්ෂක හා සනීපාරක්ෂක කටයුතු, අවුරුදු ලිත සැකසීම, පරිශ්‍ර සංවිධාන, ජල හා විදුලි සැපයුම්, හස්තීන් සම්බන්ධීකරණය, ගිලන් රථ සහ ප්‍රථමාධාර පහසුකම්, ගිලන්පස, උදෑසන දානය හා සංග්‍රහ කටයුතු, පෙරහැර පැවැත්වීම ඇතුළු පූර්ව සංවිධාන කටයුතු රැසක් පිළිබඳව සාකච්ඡා සිදු කරන ලදී.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය කිසිදු අඩුපාඩුවකින් තොරව උත්සවයට යෝග්‍ය ගෞරවය හා වටිනාකම ලබා දෙන පරිදි පැවැත්වීම සඳහා අවශ්‍ය පූර්ව සංවිධාන කටයුතු සැලසුම් කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ බවයි.
මෙම සංස්කෘතික මහෝත්සවයට රාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව විශාල පිරිසක් සහභාගී වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයට ගොස් පරිශ්‍රය නිරීක්ෂණය කිරීමක්ද සිදු කළේය.
මෙම අවස්ථාවට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්දාභිදාන අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) දේශීය වෛද්‍ය යූ.එස්.කේ. දෙනාවත්ත, අතිරේක ලේකම් (සංවර්ධන) දේශීය වෛද්‍ය සමන්ති රණසිංහ, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ඒ.එම්.ජී.එන්. දීප්ති සුමනසේන, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ගීතාමනී සී. කරුණාරත්න, ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිළමේ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක, මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත, මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, මහනුවර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


