කොළඹ මහනගර සභාවේ පවත්නා ගැටලු පිළිබඳව රජයේ විශේෂ අවධානය

කොළඹ මහනගර සභාවේ පවත්නා ගැටලු පිළිබඳව රජයේ විශේෂ අවධානය
  • SocialShare:

කොළඹ මහනගර සභාවේ දැනට පවතින සේවක හිඟය සහ බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රායෝගික නොවන කොන්දේසි හේතුවෙන් නගර සභාවේ කටයුතු පවත්වාගෙන යාමේදී මතුව ඇති බරපතල ගැටලු පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමුව තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සහ කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඇතුළු එම සභාවේ ඉංජිනේරු සංගමය අතර ඊයේ (11) රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මේ  කරුණු අනාවරණය විය.        

එහිදී නගර සභාවේ පරිපාලන ව්‍යුහය සහ ඉංජිනේරුවරුන් මුහුණ දෙන වෘත්තීය ගැටලු කිහිපයක් පිළිබඳව අවධානය යොමු විය.