අස්වැසුම මාර්තු මස දිමනාව අද (12) බැංකුගත කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව , අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභි පවුල් 1,408,635 සදහා ඔවුන්ගේ මාර්තු මස දීමනාව ලෙස රුපියල් එක්දහස් එකසිය දාහත් කෝටි අනූඅට ලක්ෂ එක්දහස් දෙසිය පනහක (රු.11,179,801,250) මුදලක් ඔවුන්ගේ අස්වැසුම ගිණුම් වෙත බැර කෙරේ.
අස්වැසුම දෙවන අදියර ප්‍රතිලාභී පවුල් 256,565 සඳහා ද ඔවුගේ මාර්තු මස දීමනාව ලෙස රුපියල් දෙසිය තිස් පන් කෝටි පන් ලක්ෂ තිස්දාහක (රු.2,350,530,000) මුදලක් අද ගිණුම් වෙත බැර කෙරෙන බව එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව අද (12) සිට අස්වැසුම දීමනා බැංකු මඟින් ලබා ගැනීමට ප්‍රතිලාභීන්ට අවස්ථාව හිමිවන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.


