විදුලි වෘත්තීය සමිති වැඩවර්ජනය අවසන්

විදුලි වෘත්තීය සමිති වැඩවර්ජනය අවසන්
  • SocialShare:

විදුලි වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කිරීමට ඔවුන් තීරණය කළ බව විදුලිබල අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

විදුලිබල ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමේදී සේවක අයිතිවාසිකම් , වරප්‍රසාද මෙන්ම සේවකයින්ගේ ගැටලුවලට අවධානය යොමු කරමින් විදුලි වෘත්තීය සමිති සමඟ රජය යහපත් සම්බන්ධතාවක් පවත්වා ගනිමින් කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

විදුලිබල වර්ජනය අවසන් කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවට අද (11) එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

එසේම රජය සෑම විටම සේවක අයිතිවාසිකම් , වරප්‍රසාද ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

විදුලිබල ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළ සාර්ථකව අවසන් කරමින් පිහිටවනු ලැබු පූර්ණ හිමිකාරිත්වය සහිත ආයතන මේ වනවිට ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද මෙරට බලශක්ති ක්ෂේත්‍රය ගොඩනැගීමට සැමගේ සහයෝගය අවශ්‍ය බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඒ තුළින් ලැබෙන ප්‍රතිලාභ රටට සහ ජනතාවට ලැබෙන බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.