ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ කතාව

  • SocialShare:

විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වයත්, ඒ හමුවේ ලෝකයේ විවිධ රාජ්‍යයන් මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳවත් සාකච්ඡාවක් පවතිනවා. අපේ පාර්ලිමේන්තුවේත් මේ සාකච්ඡාවට ඉඩ විවර කිරීම පිළිබඳව යෝජනා ගෙන එන ලද අයට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

විශේෂයෙන් මේ ප්‍රශ්නයේදී අපේ අඛණ්ඩ ස්ථාවරය වන්නේ මධ්‍යස්ථභාවයයි. අපේ මව් බිමේ ගෞරවයත්, යුක්තිය පිළිබඳ ප්‍රශ්නයත්, ජාත්‍යන්තර පිළිගැනීමත් අපිට අත්පත් කරගත හැකි වන්නේ අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කර ගනිමින්. ඒ නිසා කුමන පීඩනයන් මධ්‍යයේ වුවද මේ මධ්‍යස්ථභාවය ගිලිහීමට අපි ඉඩ දෙන්නේ නැහැ. නමුත් මම දන්නවා ඇතැම් මන්ත්‍රීවරුන් සහ ඇතැම් පාර්ශ්වයන් විවිධ අදහස් ඉදිරිපත් කරනවා අපි යම් කණ්ඩායමකට පක්ෂපාතීව සිටිනවා, ඇතැම් තීන්දු තීරණ නිසි වේලාවට ගත්තේ නැහැ වැනි අදහස්. ඒවා සම්පූර්ණයෙන් අසත්‍යයි.

ඉරානයේ නැව් පිළිබඳ ප්‍රශ්නයේදී විශේෂයෙන් 2026-02-26 වන දින අපෙන් ඉල්ලීමක් කළා මාර්තු 09 සහ 13 දිනවලදී සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ සංචාරයකට නාවික යාත්‍රා 03ක්  ලංකාවට පැමිණීමට අවශ්‍යයි කියලා. අපි ඒ සඳහා අවසර ලබා දීම පිළිබඳ අධ්‍යයනය කරමින් සිටියා. ඒ වගේම එදිනම සවස එක්සත් ජනපදය අපෙන් ඉල්ලා සිටියා ප්‍රහාරක ගුවන් යානා දෙකකට ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණීමට අවසර දෙන්න කියලා. අපි ඉතාමත් පැහැදිලි තීරණයක් ගත්තා අපේ රටේ මධ්‍යස්ථභාවය පිළිබඳ. ඒ වන විටත් යුදමය ගැටුම් පිළිබඳ සංඥා මතු වී තිබුණා. ඒ නිසා අපි මේ ඉල්ලීම් දෙකටම අවසර ලබා දුන්නේ නැහැ. ඇතැම් අය ප්‍රශ්න කළා ඇයි ඉරාන නෞකා දෙකට අවසර දුන්නේ නැත්තේ කියලා. එහෙම කළා නම් අපේ සමස්ත මධ්‍යස්ථභාවයම ගිලිහෙනවා. ඒ වගේම අපේ කලාපයෙන් ඈත පැවති යුදමය ගැටුමක් මත්තල සහ කොළඹ වරායට ළඟා වෙනවා. කුමන පීඩනයක් මධ්‍යයේ වුවද අපි රට ආරක්ෂා කළා.

ඉන්පසුව 27 වනදා මේ 'අයිරිස් බුෂෙහර්' කියන නෞකාවේ එක් නාවික සෙබළෙකු වැටිලා තුවාල ලබා තිබෙනවා, ඒ නිසා එම නාවික සෙබළාත් ඔහු සමග නිලධාරියෙකුත් ලංකාවට ගේන්න ඕන කියලා දැනුම් දුන්නා. අපේ මධ්‍යස්ථභාවය සහ ජාත්‍යන්තර බැඳීම තමයි එවැනි අවස්ථාවක සහාය ලබා දීම. අපි එම නාවික නිලධාරියාත්, නාවික සෙබළාත් ඩර්ඩන්ස් රෝහලට ගෙනවා. එලෙස ගෙන එනු ලැබුවේ එම නැව් සමාගමට අදාළ සැපයුම් කරන සමාගම විසින්.  ඒක තමයි අපි ජාත්‍යනත්තර වශයෙන් තියෙන සම්මුතිය. අපි ඒක කළා.

ඉන්පසුව නැවත 04 වනදා වාර්තා වුණා අපේ ආර්ථික කලාපය සීමාවේ ඉරානයට අයත් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව. අපේ මුහුදු සීමාවේ නොවෙයි. ඒ නිසා අපිට ඉවත බලාගෙන ඉන්න තිබුණා. එහෙත් ජාත්‍යන්තර බැඳීම් සහ මනුෂ්‍යත්වය කේන්ද්‍රකර ගනිමින් අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව විශාල මෙහෙයුමක් සිදු කළා. ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබෙනවා එවැනි පිපිරීමක් සිදු වූ විට දින කීයක් ආවේක්ෂණය කළ යුතුද? රළ හමන දිශාව අනුව කොපමණ දුරක් ආවේක්ෂණ කළයුතුද? යන්න පිළිබඳව. අපි ඒ සියල්ල නිසි ප්‍රමිතීන් අනුව සිදු කළා. ඒ අනුව අපි තුවාලකරුවන් 32ක් සහ මළ සිරුරු 84ක් අපේ ගොඩබිමට රැගෙන ආවා. ඒ අපේ මනුෂ්‍යත්වය සහ මධ්‍යස්ථභාවයයි.

එම ප්‍රහාරයෙන් පසුව අපෙන් ඉල්ලිමක් කළා ඔවුන්ගේ අනෙක් නෞකාවේ එංජිමේ කඩා වැටීමක් සිදුවී තිබෙනවා. ඒ නිසා අපේ කොළඹ වරායට ළගා වෙන්න ඉඩ දෙන්න කියලා. මම දැක්කා මෙහි බොහෝ අය කිව්වා පැය 11කට කළින් යන්න තිබුණා කියලා. පැය 11ක් තිබුණේ නැහැ. පෙබරවාරි 26 වනදා ඉල්ලීම ලැබුණේ මාර්තු 09 වනදා පැමිණීම සඳහායි. මම හිතන්නේ මොවුන්ට දින ගණන් සහ පැය ගණන් පැටලිලා. පළමු නෞකාවට ප්‍රහාර එල්ල කළාට පස්සේ තමයි අපෙන් ඉල්ලීම කළේ දෙවැනි නෞකාවේ එංජිමේ ආබාධයක් ඇති වී තිබෙනවා, ඒ නිසා කොළඹ වරායට ළඟාවෙන්න ඉඩ දෙන්න කියලා.

ඔවුන් යුද ගැටුමක එක් පාර්ශ්වකරුවෙක්. ඔවුන් අපේ මුහුදු සීමාවට ඇතුල් වෙනවා නම් ජාත්‍යන්තර නීති අනුව  රැඳි සිටීමට ඉඩ ලබා දිය හැක්කේ පැය 24ක් පමණයි. පැය 24කින් ඔවුන් නැවත යා යුතුයි. එසේ නොමැති නම් ඔවුන් අපේ භාරයට ආ යුතුයි. එවිට තමයි අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා වන්නේ. ඔවුන් ආපේ භාරයට පැමිණීමෙන් පසු ඔවුන්ගේ ඉල්ලීමක් තිබුණා සම්පුර්ණ කණ්ඩායමට රැඳී සිටින්න අවශ්‍යයි කියලා. ඒ අනුව අපි ඒ අතර සිටි නාවිකයින් 206ක් අපේ නාවික හමුදා කඳවුරට ගෙනාවා. අපි මේ 206ම එකට මුහු වෙන්න තබා නැහැ. අපි දන්නවා ඔවුන් සොල්දාදුවන්, ඔවුන් ආතතියකට මුහුණ දී සිටිනවා, කවර ආකාරයේ තත්ත්වයක් වර්ධනය විය හැකිද? ඒ නිසා අපි ප්‍රවේශම්කාරී ලෙස ඔවුන්ට අවශ්‍ය ආහාර පාන, ප්‍රතිකාර ලබා දුන්නා. අපි ඉතාමත් මනුෂ්‍යත්වයෙන් යුතුව ඔවුන් රැක බලා ගන්නවා. ඒ හමුවේ තමයි ලංකාව ජාත්‍යන්තරය හමුවේ පිළිගැනීමට හා කීර්තියට ලක් වන්නේ.

අනතුරුව ඔවුන් අපෙන් ඉල්ලා සිටියා ඔවුන්ගේ මළසිරුරු තම රට ගෙන යාමට අවශ්‍යයි කියලා. අපි ඒ සඳහා අවසර ලබා දුන්නා. ප්‍රහාරයට ලක් වූ නෞකාවේ තවත් 32ක් කරාපිටිය රෝහලේ හිටියා. එම තිස් දෙදෙනාම සුවය ලබා තිබෙනවා. දැන් ඔවුන් කොග්ගල ගුවන් හමුදා කඳවුරේ රැඳී සිටිනවා. ඒ නිසා  මේ යුද ගැටුමේදී අපේ ප්‍රතිපත්තිය ලෙස සෑමවිටම මධ්‍යස්ථභාවය ආරක්ෂා කරනවා.