අධිකරණයට පැමිණෙන ඕනෑම පුද්ගලයකුට ගෞරවයෙන් සැළකිය යුතුයි - අධිකරණ අමාත්‍ය

අධිකරණයට පැමිණෙන ඕනෑම පුද්ගලයකුට ගෞරවයෙන් සැළකිය යුතුයි - අධිකරණ අමාත්‍ය
  • SocialShare:

රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික බලපෑම් හෝ දේශපාලන පීඩනයෙන් තොරව නීතියට අනුව සහ ජනතාවගේ අවශ්‍යතා අනුව රාජකාරි කිරීමේ නිදහස ලබා දී තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අධිකරණ ආරක්ෂක iii වන ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගත් නිලධාරීන් දැනුවත් කිරිම වෙනුවෙන් අද (23) මාර්ගගතව සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ගෝලීය වශයෙන් මුහුණ දී ඇති තත්වය පිළිබඳව සලකමින් වගකීම් සහගත සහ ගරු කටයුතු පුරවැසියන් ලෙස කටයුතු කළ යුතු බව පවසන අමාත්‍යවරයා උසාවියට පැමිණෙන කුමන තරාතිරමක පුද්ගලයකු වුවද සියලු දෙනාට ගෞරවයෙන් සැළකිය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එසේම අධිකරණ පරිශ්‍රයට පැමිණෙන සෑම පුද්ගලයකුම තමා සුරක්ෂිත බවට සහතික විය යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා එවැනි පරිසරයක් නිර්මාණය කිරීමට අධිකරණ ආරක්ෂක නිලධාරීන්ගේ දායකත්වය අවශ්‍ය බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයට අනුව අධිකරණ ආරක්ෂක තනතුරු සඳහා 69 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු යොදා තිබේ.