මැද පරෙදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඇතිවිය හැකි ඕනෑම තත්වයකට මුහුණ දීමට රජය සූදානම් බවත් මෙම තත්වය අවබෝධ කරගෙන සියලුදෙනා කටයුතු කළ යුතු බවත්, කිසිම අයුරකින් කලබලයට පත්විය යුතු නැති බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
කැලණිය ආසනයේ වැඩ නිමවූ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (22) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මැදපෙරදිග උද්ගතව ඇති යුදමය තත්වය දිර්ඝ කාලීනව පැවතුනහොත් එහි ඝෘජු හා වක්‍ර බලපෑම් මෙරට ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට බලපාන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
එම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය නිරන්තරයෙන් ඒ පිළිබඳව අවධානයෙන් මෙන්ම සැලසුම සහිතව සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කැලණිය ඊරියවැටිය, සාප්පුවත්ත දෙනිමුල්ල මාර්ගයේ වැඩ අවසන් වූ පාලම ජනතා අයිතියට පැවරීම, නිවාස සංවර්ධන අධිකාරිය මගින් අඩු ආදායම්ලාභී පවුල සඳහා ක්‍රියාත්මක "තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක්" නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද නිවසක් නිවාස ලාභී පවුලට ලබාදීමද මෙහිදි සිදු විය.


