දවසේ කාලගුණය

දවසේ කාලගුණය
  • SocialShare:
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් අද පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ අනෙකුත් ප්රදේශවල බහුතරයක් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
 

 එමෙන්ම බස්නාහිර, මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද අනාවරණය කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.