අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.
ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා ලබා දීම නැවත ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා කළ ඉල්ලීම ඉතාලි රජයට දැනුම්දීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා එකඟත්වය පළ කරයි.
වෛද්‍ය පර්යේෂණ ආයතනයට වසර 125ක් සපිරීම නිමිත්තෙන් වසර පුරා විහිදෙන වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) යාපනයේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට සහභාගිවීමට නියමිතය.
2024 ලෝක පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03 දස්කමක් දක්වා නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කමක් දිනාගෙන කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගත් ශ්‍රී ලංකා යුධහමුදා පොලිස් හේවා බලකායේ (SLCMP) බලලත් නිලධාරි සමිත දුලාන් කොඩිතුවක්කු මහතා වෙත ජනවාරි 29 දින අධ්‍යාපන අමාත්‍යංශයේදී අග්‍රාමාත්‍යවරියගේ අතින් නව හෙල්ලයක් පිරිණැමීම සිදුවිය.
ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගමනාගමන ප්‍රශ්න ව්‍යුහාත්මකවත් තාක්ෂණිකවත් විසඳීමට ජනතාවට ඍජුව සම්බන්ධ වීමට අවශ්‍ය ක්‍රමය සකස් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ ය.
මත්තෙගොඩ ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය අභිනව ඉංජිනේරු පීඨ සංකීර්ණය, පසුගිය දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ නිරීක්ෂණයට ලක් විය.
ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රය සඳහා වැඩි රැකියා ප්‍රමාණයක් පවතින බැවින් ඒ සඳහා පුහුණු සංචිතයක් නිර්මාණය කර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සහ ජපානයේ IM Japan ආයතනයේ සභාපති කනමොරි හිතොෂි මහතා (Mr. Kanamori Hitoshi) හමු වී විශේෂ සාකච්ඡා කර තිබේ.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි විධිවිධාන යටතේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීමට නිර්දේශ කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු පත් කිරීමට අදාළ නීතියේ දක්වා ඇති පරිදි ප්‍රකාශකවරුන්ගේ, කර්තෘවරුන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ සංවිධාන වෙතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නාමයෝජනා කැඳවා තිබේ.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.