දවසේ කාලගුණය

දවසේ කාලගුණය
  • SocialShare:

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00 ට පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම ප්‍රදේශ හැරුණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි සහ උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලට අමතරව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයද දක්නට ලැබිය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.