All Stories

රට ඉදිරියට ගෙන යා හැක්කේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනික එකමුතුවෙන්

රාජ්‍ය නිල යාන්ත්‍රණයේ හා පෞද්ගලික අංශයේ ආයතනික සීමාවන්ගෙන් බැහැර වී සාමුහික කණ්ඩායම් හැඟීමෙන් ඒකාබද්ධ ව වැඩ කිරීම මගින් අභියෝග ජය ගෙන රට ඉදිරියට රැගෙන යා හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

මුදල් අමාත්‍යාංශයත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයත් මිලේනියම් අයිට්, ඩයලොග් ආසියාටා යන පෞද්ගලික ආයතන දෙකත් ඒකාබද්ධ ව වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක ද සහයෝගය මත සකසන ලද අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් පාසල් අභ්‍යාස පොත්පත් හා උපකරණ ලබා දීමේ යාන්ත්‍රණය මත තෝරාගනු ලැබූ දරුවන් වෙත රු. 6000/- බැගින් වූ තිළිණපත් ලබා දීමේ වැඩසටහනට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

ඊයේ දින (06) අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මෙම වැඩසටහනේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කියා සිටියේ, සෑම දරුවකුට ම අධ්‍යාපනයේ සම අවස්ථා ගෞරවාන්විත ව ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථා විවර කර දීමේ රජයේ අපේක්ෂාව ඉටු කරගැනීම සඳහා අධ්‍යාපන අවශ්‍යතා කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කර භෞතික සම්පත් ලබා දී එම පවුල් නගා සිටුවීමට ක්‍රියා කිරීමේ දී මනා විනිවිද භාවයක් සහිත ව කඩිනම් හා භාවිතයට පහසු ක්‍රමවේදයක් ඒ වෙනුවෙන් සකස් කරගැනීමට හැකි වූයේ, රාජ්‍ය හා පෞද්ගලික දෙයංශයේ මනා සුසංයෝගය හා කැපවීම මත බව ය. මෙම නව ඒකාබද්ධ ක්‍රියාවලිය හරහා යල්පැනගිය සාම්ප්‍රදායික ක්‍රමවේද මගින් තොරතුරු ලබාගැනීමේ දී සිදු විය හැකි අක්‍රමිකතා හා ප්‍රමාදයන් රැසක් වලක්වා ගත හැකි වීම සම්බන්ධයෙන් තෘප්තිමත් භාවයකට පත් විය හැකි බවත් මෙහි දී අගමැතිවරිය සඳහන් කළාය.

මෙම ඒකාබද්ධතා පුරවැසි සහයෝගීතා ක්‍රමවේදය ඉදිරියටත් විධිමත් ව පවත්වා ගැනීම මගින් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ම කාර්යක්ෂ්ම හා ඵලදායි ලෙසින් යාවත්කාලීන කළ හැකි වනු ඇති බවට ද අග්‍රාමාත්‍යවරිය මෙහි දී විශ්වාසය පළ කළාය.

එහි දී තවදුරටත් අදහස් දක්වමින් හරිනි අමරසූරිය මහත්මිය පවසා සිටියේ, භෞතික සම්පත්වල හිඟකම හේතුවෙන් බොහෝ දරුවන්ගේ පාසල් ගමන අතරමග නතර වන බවත් එසේ දරුවන් පාසල් හැර යාම වලක්වා දරුවන් පාසල් තුළ රඳවා ගැනීමට අභිප්‍රේරණයක් ඇති කිරීම ද මෙවැනි භෞතික සම්පත් ලබා දීමේ මුඛ්‍ය අරමුණක් වී ඇති බව ය.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමාගේ යෝජනාවක් මත දියත් වූ මෙම ක්‍රියාවලිය, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මූලිකත්වය ගෙන සහයෝගයෙන් ඉදිරියට ගෙන යන බවත් අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස ගුණාත්මක සංවර්ධනයක් ද සහිත ව ඉදිරියට ගෙන යෑමට එය මනා පිටුබලයක් වන බවත් හරිනි අමරසූරිය මහත්මිය මෙහි දී පැවසී ය.

මෙම වැඩසටහනේ පළමු අදියර තුළින් මේ වන විටත් අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල දරුවන් එකොළොස් ලක්ෂ හත්දහසකට (1,107,000) සෘජු ව ම මුදල් ගිණුම්වලට බැර කර ඇති බවත් දෙවන අදියරේ පළමු පියවර ලෙස අස්වැසුම ප්‍රතිලාභ හිමි නොවුණු පවුල්වල දරුවන් තුන්ලක්ෂ හතලිස් පන්දහස් හත්සිය තිස් දෙදෙනෙක් (345,732) සඳහා වවුචර්පත් මුද්‍රණය කර ඛෙදා හැර ඇති බවත් දෙවන අදියරේ දෙවැනි පියවර සඳහා මේ වන විට පාසල් ළමුන් එක්ලක්ෂ දහඅට දහස් එකසිය හතලිස් දෙදෙනෙක් (118,142) ලියාපදිංචි වී ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය මෙම තිළිණපත් දරුවන්ට ලබා දීම සඳහා ලියාපදිංචිය තහවුරු කර ඇති වෙළෙඳ ආයතන සංඛ්‍යාව මේ වන විට 315ක් වන අතර 178ක් ලියාපදිංචිය අපේක්ෂාවෙන් පසු වන බව ද කීය.

එසේ ම රජයේ හා පෞද්ගලික පාසල්වල මෙන් ම පිරිවෙන්වල සහ විශේෂ අවශ්‍යතා සහිත පාසල් ඇතුළු සමස්ත පාසල් පද්ධතියේ වැඩි පරාසයක ශිෂ්‍ය සංඛ්‍යාවකට මෙම ප්‍රතිලාභ හිමි වන අතර එය මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 68%ක් පමණ වන බව ද ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහි දී සඳහන් කළාය.

මේ අවස්ථාවට මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව, ප්‍රසම්පාදන අතිරේක ලේකම් දේවිකා ලියනගේ, මිලේනියම් අයිටී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ෂෙවාන් ගුණතිලක, ඩයලොග් ආසියාටා පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරීහු එක් ව සිටියහ.

රට ඉදිරියට ගෙන යා හැක්කේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනික එකමුතුවෙන්

නාවික හමුදාධිපති හා ජනපති අතර නිල හමුවක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා සහ ජනාධිපතිවරයා අතර ප්‍රථම නිල හමුව ඊයේ (06) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

නාවික හමුදාධිපති හා ජනපති අතර නිල හමුවක්

26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල අද

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 26 වැනි වරටත් සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල අද(07) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ
ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 2023-24 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා මෙවර සම්මාන උළෙල පැවැත්වේ.

26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල  අද

නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වාදීම හෙට ජනපති ප්‍රධානත්වයෙන්

ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ දැවැන්ත පියවරක් තබමින් නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (07) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරේ.

නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වාදීම හෙට ජනපති ප්‍රධානත්වයෙන්

ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි.

ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්

RESPIRE 2025 - ශ්වසන රෝග සඳහා වන ජාත්‍යන්තර සමුළුව මෙරටදී

"ඔබටත් මටත් හුස්මට ඉඩක්" යන තේමා පාඨය පෙරදැරිව ශ්වසන රෝග සම්බන්ධයේ වන ජාත්‍යන්තර සමුළුව, මෙරටදී පැවැත්වීමට නියමිත බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසීය.

RESPIRE 2025  - ශ්වසන රෝග සඳහා වන ජාත්‍යන්තර සමුළුව මෙරටදී

වායු දූෂණය දිගු කාලීන රෝග රැසකට හේතුවක්

මේ දිනවල මෙරට වැඩි වශයෙන් කතාබහට ලක්ව ඇති වායු දූෂණය , ශ්වසන පද්ධතියේ රෝග, හදවත් රෝග, මොලයේ රෝග වැනි දීර්ඝකාලීන රෝග රැසකට හේතුවන බව විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසීය.

වායු දූෂණය දිගු කාලීන රෝග රැසකට හේතුවක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි විධිමත්, කාර්යක්ෂම සේවාවක් ගොඩනැගීමට සෞඛ්‍ය ඇමතිගෙන් වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ සේවයේ නියුතු සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සාහය මත වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය දර්ශකයන් හි විශිෂ්ට අගයන් පෙන්නුම් කරන බවත්, ඒ පිළිබදව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමා සියලු සේවාවන්හි නිරත කාර්ය මණ්ඩලයන්ට සිය ප්‍රණාමය පිරිනමන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි විධිමත්, කාර්යක්ෂම සේවාවක් ගොඩනැගීමට සෞඛ්‍ය ඇමතිගෙන්  වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා

ජනපති ලබන 10 සිට 13 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 10 සිට 13 දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරයි.

ජනපති  ලබන 10 සිට 13 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක

සංචාරක කර්මාන්තයේ වාර්තා අලුත් වෙයි

ජනවාරි මාසයකදී මෙරටට පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාව මෙම වසරේ වාර්තා වූ බව සංචාරක අමාත්‍යංශය පවසයි.එම සංඛ්‍යාව 252,761කි.2018 වර්ෂයේ පැමිණි සංචාරක සංඛ්‍යාව 238,924ක් වූ අතර 2024 එම සංඛ්‍යාව 208,253කි.

සංචාරක කර්මාන්තයේ වාර්තා අලුත් වෙයි
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.