“Rebuilding Sri Lanka” ජනාධිපති කාර්යසාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.

“Rebuilding Sri Lanka” ජනාධිපති කාර්යසාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව සිටින අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
වර්තමානයේ පවතින අභියෝග ජය ගැනීමට ඩිජිටල්කරණ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වන අතර මෙම නවීකරණ වැඩපිළිවෙළ හරහා රජයේ ප්‍රධාන ඉලක්කයක් වන රාජ්‍ය සේවා ඩිජිටල්කරණය සඳහා සෘජු දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කරයි.
තමා ජීවත්වන නිවහන ආරක්ෂාවෙන් සහ පහසුකම්වලින් යුත් වාසස්ථානයක් බවට පරිවර්තනය කිරිම සඳහා‘Metro Uplift’ වැඩසටහන ආරම්භ කළ බවත් කොළඹ 14, ‘සිරිමුතු උයන’ නිවාස සංකීර්ණයටත් මෙම නිවාස වැඩසටහන හඳුන්වාදෙන බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු හෙට (09) පෙරවරු 09 ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර ඇත.
පාසල තුළින් බලශක්ති සංරක්ෂණ සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණෙන් 'සුරකිමු ලංකා පාසල් බලශක්ති සුරක්ෂිත වැඩසටහන' හඳුන්වාදීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 8 සහ 9 දෙදින ජය ශ්‍රී මහා බෝධිය අබියසදී පැවැත්වීමට සැළසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරයි. හෙට (09) උදෑසන 8.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත් සහල් මංගල්‍යයේ ප්‍රධාන කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.
නවීකරණය කරන ලද කොළඹ කොටුව බස් නැවතුම්පොළ අද (08) සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විද්‍යාව පදනම් කරගෙන කටයුතු කිරීමෙන් රටේ ආයතන සහ සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ ජනතා විශ්වාසය ශක්තිමත් කළ හැකි බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. විශේෂයෙන්ම ජනතාවට සපයන සෞඛ්‍ය තොරතුරු පිළිබඳ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීම සඳහා සියලු පාර්ශව කැපවිය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස් විය.
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්වන ජනතාව සඳහා විශේෂ ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන ගැටලුවක් තිබුණද, රට තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.