
2023/2024 අ.පො.ස (උ/පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2026 අප්‍රේල් 21 සිට මැයි 08 දක්වා අදාළ විද්‍යාපීඨවලදී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
පසුගියදා නවීකරණය කර මහජන භාවිතයට විවෘත කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළේ දේපළවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු පිටකොටුව පොලිස් වසම තුළ අත්අඩංගුවට ගෙන ඇත.
විදුලි ගාස්තු සංශෝධනවලදී ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයන්ගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ඒකමතික තීරණයක් ගෙන තිබේ.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත හලාවත වැවිලි සමාගම 2025 වසරේදී සිය ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරමින් රුපියල් මිලියන 650 ක බදු පෙර ලාභයක් ලබාගෙන ඇතැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරයි.
උත්සව සමය හේතුවෙන් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උත්සව සමයේ තමන්ගේත් අනෙක් පාර්ශ්වයේත් ජීවිත ආරක්ෂා කිරීම සඳහා වගකීම් සහිතව රිය ධාවනය කිරීමට කටයුතු කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා - මාලදිවයින් ධීවර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (H.E. Masood Imad) මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර විශේෂ නිල හමුවක් ඊයේ (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
බටහිර ආසියාවේ තාවකාලික යුද විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සහ ඉදිරි සංවාදයන් ශ්‍රී ලංකාව අගය කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.
සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉහළ ප්රමිතීන් අඛණ්ඩව, විධිමත්ව පවත්වා ගන්නේනම් අප රට කලාපීය සෞඛ්‍ය සේවා සඳහා විශ්වාසදායක ගමනාන්තයක් ලෙස ස්ථාන ගත කළ හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
රට තුළ දැනට පවතින පොහොර තත්ත්වය පිළිබඳව ගොවි ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි පොහොර තොග මේ වන විට රට තුළ පවතින බවත් කෘෂිකර් ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (11) ප්‍රකාශ කළේය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.