පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දේපලවලට අලාභ හානි සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවට

පිටකොටුව  මධ්‍යම බස් නැවතුම්පොළේ දේපලවලට අලාභ හානි සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවට
  • SocialShare:

පසුගියදා නවීකරණය කර මහජන භාවිතයට විවෘත කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළේ දේපළවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු පිටකොටුව පොලිස් වසම තුළ අත්අඩංගුවට ගෙන ඇත.

එම බස් නැවතුම්පළේ සුභසාධක අංශය විසින් කළ පැමිණිල්ලක් අනුව පිටකොටුව පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

 

ඒ අනුව විමර්ශන නිලධාරින් විසින් 2026 අප්‍රේල් 11 දින මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු සොරකම් කරන ලද දේපළවල කොටසක් සමඟ කොළොන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33 ක් වන කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිදු වූ හානිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තක්සේරු වාර්තාවක් ලබාදීමට නියමිතය. සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.