අලුත් අවුරුද්දට ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය,කන්කසන්තුරය,මාතර සහ බෙලිඅත්ත සිට නැවත පැමිණීමට දුම්රිය දෙපාර්තමේන්තුව ධාවනය වන සාමාන්‍ය දුම්රියන්වලට අමතරව විශේෂ දුම්රියන් ධාවනයට එක් කර ඇත.

අලුත් අවුරුද්දට ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය,කන්කසන්තුරය,මාතර සහ බෙලිඅත්ත සිට නැවත පැමිණීමට දුම්රිය දෙපාර්තමේන්තුව ධාවනය වන සාමාන්‍ය දුම්රියන්වලට අමතරව විශේෂ දුම්රියන් ධාවනයට එක් කර ඇත.
ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපි ඉදිරිපත් කරමින් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ.
ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී.රාධක්‍රිෂ්ණන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා 19 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ රජයට අයත් සී/ස ගල්අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයින් මඟින් ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1978 අංක 04 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (විශේෂ විධිවිධාන) පනතේ සංශෝධිත ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 07 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2වන වගන්තියේ විධිවිධාන අනුව කොමිෂන් සභාවක් පත්කරනු ලැබ තිබේ.
Walk for Peace සාම පාගමන ශ්‍රී ලංකා රජයේ පූර්ණ අනුග්‍රහයෙන් සහ රාජ්‍ය ආරක්ෂාව යටතේ සිදු කරන බවත් මෙරටට වැඩම කෙරෙන පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ප්‍රධාන ස්වාමීන්වහන්සේලා කණ්ඩායම කටුනායක ගුවන්තොටුපළේදී රාජ්‍ය තාන්ත්‍රිකව පිළිගන්නා බවත් බුද්ධ ශාසන, අගමික සහ සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.
Walk for Peace සාම පාගමන අප්‍රේල් මස 21 වැනි දින සිට 28වැනි දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් මෙම පාගමන සඳහා සහභාගී වන පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා කණ්ඩායම 21 වැනි දින දිවයිනට වැඩම කිරීමෙන් අනතුරුව අත්තනගල්ල රාජමහා විහාරයට වැඩම කරන බවත් පූජ්‍ය ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති ස්වාමීන්වහන්සේ පැවසූහ.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියළුම මහජන සේවාවවන් අද (17) ක්‍රියාත්මක නොකරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව , දිගු දුර මෙහෙයුම් නෞකා මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් රුපියල් කෝටි හාරසියයකට අධික වටිනාකමකින් යුතු හෙරෝයින් කිලෝ ග්‍රෑම් 150කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා පවසයි.
2026 වර්ෂයේ 1 ශ්‍රේණිය II සහ III වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් පොත් බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් 2026.04.30 දින වන විට සියලුම පාසල් වෙත බෙදාහැර අවසන් කිරීමට නියමිත බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, දකුණු, සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප. ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සාවද්‍ය පුවතක් සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් සිදුකරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව, දිගු දුර මෙහෙයුම් නෞකා මඟින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් සිව් දෙනෙකු (04) සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීම යථාවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බැවින් 2026.04.17 සිකුරාදා දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මහජනතාව වෙත නිවේදනය කරයි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.