අද (27) ජනාධිපති කාර්යාලයේදී මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතර පැවැත්විණි.
සුපිළිපන්න දේශයක් ගොඩනැඟීම උදෙසා ජනාධිපති කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව සංවිධානය කළ අභ්‍යන්තර කටයුතු ඒකක (IAU) සහ දූෂණ විරෝධී මුලපිරීම් (AIA) තක්සේරුව පිළිබඳ වැඩමුළුව කොළඹ මැන්ඩරිනා හෝටලයේදී අද (27) පැවැත්විණ.
පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් දෛනික ජල සැපයුම සැළකිය යුතු කාලයක් අඩාල වන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.
ලංකාවේ මේ දිනවල පවතින වියළි කාළගුණය විශේෂයෙන් ලංකාවේ මධ්‍ය කඳුකරවලට එය බලපා ඇති බවත් එම ප්‍රදේශ ආශ්‍රිත වනාන්තරවල හදිසි ගිනි ගැනිම් ඇති වි ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි නිත්‍ය සැසිවාරය අමතමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා , මානව හිමිකම් , සංහිඳියාව සහ ආර්ථික පරිවර්තනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ගෙනහැර දැක්වීය.
දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසයි.
අදට(26) යෙදී තිබෙන මහා ශිව රාත්‍රී දිනය නිමිත්තෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා පණිවිඩයක් නිකුත්කර තිබේ. එම පණිිවිඩය මෙසේයි.
ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (26) යෙදී ඇත.
ආර්ථික ස්ථායීතාවය ප්‍රවර්ධනය කිරීමේ සහ රාජ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීමේ රජයේ දිගුකාලීන කැපවීමේ කොටසක් ලෙස රාජ්‍ය ව්‍යවසාය සඳහා දැනුම හුවමාරු කරගැනීමේ වැඩමුළුවක් අද (25) කොළඹ මිලෝදා ඇකඩමියේ දී පැවැත්විණි.
සීමිත මූල්‍ය රාමුව තුළ වුවද, සංවර්ධන ප්‍රමුඛතා සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බැවින් එම මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.