Walk for Peace සාම පාගමන රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කරනවා - බුද්ධශාසන අමාත්‍ය

Walk for Peace සාම පාගමන රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කරනවා - බුද්ධශාසන අමාත්‍ය
  • SocialShare:

Walk for Peace සාම පාගමන ශ්‍රී ලංකා රජයේ පූර්ණ අනුග්‍රහයෙන් සහ රාජ්‍ය ආරක්ෂාව යටතේ සිදු කරන බවත් මෙරටට වැඩම කෙරෙන පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ප්‍රධාන ස්වාමීන්වහන්සේලා කණ්ඩායම කටුනායක ගුවන්තොටුපළේදී රාජ්‍ය තාන්ත්‍රිකව පිළිගන්නා බවත් බුද්ධ ශාසන, අගමික සහ සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.
මෙම පාගමන හුදෙක් පාගමනක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙමගින් ලෝකයේ පිබිදිමක් ඇති වූ බව සඳහන් කළේය.
එසේම යුද ගැටුම් පවතින මෙම කාල සීමාවේදී සාමය පිළිබඳ පණිවිඩය රැගෙන යමින් සිදු කෙරෙන මෙම කාර්යය අගය කරන බවත් ශ්‍රී ලංකාවට මේ සඳහා සහභාගී වීම ට ලද අවස්ථාව මේ මොහොතේ ඉතා වැදගත් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ වනවිට ලොවට අවශ්‍ය වන්නේ සාමය බව පෙන්වා දෙන ඒ මහතා ඒ වෙනුවෙන් මෙම සාම පාගමන මග හෙළි කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.